Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th April 2017 13:46:32 Hours

‘2017 ෆොක්ස් හීල් සුපර් ක්‍රොස්’ සාර්ථකව අවසන්වේ

දියතලාව යුද්ධ හමුදා විද්‍යාපිඨය මඟින් පැවැත්වු ‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් - 2017’ වාර්ෂික මෝටර් රථ ධාවන තරඟාවලිය සෙනසුරාදා (22) දින දියතලාවේ දි අවසන් වු අතර, මෙම වසරේ හොඳම මෝටර් රථ ධාවකයා ලෙස ආශන් සිල්වා ත් හොඳම යතුරුපැදි ධාවකයා ලෙස ඉෂාන් දසනායක ත් සම්මාන ලැබිය.

ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමයේ (SLAS) මඟපෙන්විම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය විසින් ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ධාවකයන්ගේ සංගමය සමඟ සම්බන්ධීකරණයෙන් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබුහ.

වාර්ෂිකව සංවිධානය කරනු ලබන උද්වේගකාරි මෙන්ම ජනප්‍රිය මෝටර් රථ ධාවන තරඟාවලියක් වන ෆොක්ස් හීල් සුපර් ක්‍රොස් තරඟාවලිය සඳහා දිවයිනේ දක්ෂතම මෝටර් රථ රියදුරන් සහ යතුරු පැදි ධාවකයින් සහභාගි වේ.

අඛණ්ඩව 25 වන වරටත් පැවති මෙම තරඟාවලිය සඳහා යතුරුපැදි ධාවන ඉසව් 11 සහ මෝටර් රථ හා ජිප් රථ ධාවන තරඟ ඉසව් 13 ක් පැවැත්වු අතර මේ සඳහා මෝටර් රථ රියදුරන් සහ යතුරුපැදි ධාවකයින් සිය දෙනෙකුට වඩා වැඩි පිරිසක් සහභාගි වුහ.

ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මහතා සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මෙම තරඟාවලිය නැරඹිම සඳහා පැමිණ සිටි අතර, මෙම තරඟාවලිය නැරඹිම සඳහා ප්‍රේක්ෂකයන් 25,000 කට වඩා වැඩි පිරිසක් ද එක්ව සිටියහ.

යුද්ධ හමුදා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් ෆොක්ස් හීල් සුපර් ක්‍රොස් - 2017 තරඟාවලියේ දී දක්වු දක්ෂතා පහතින් දක්වා ඇත.

ගෲප් එස්එල් ඉ මිනි 1275 සීසී විවෘත ඉසව්ව

01. ලුතිනන් කර්නල් ජේකේඩිජි ජයසිංහ - ශ්‍රීලවියාඉ - ප්‍රථම ස්ථානය

රේසින් 125 සීසී විවෘත ඉසව්ව

01. සංසෙ සිල්වා ඩිබිකේ - ශ්‍රීලංසංබ -දෙවන ස්ථානය

02. ලාන්ස් කෝප්‍රල් සිගේරා පිඑම්ජේ - ශ්‍රීලයුපොහේබ -තෙවන ස්ථානය

ස්ටැන්ඩඩ් 250 සීසී ජාතික ඉසව්ව

01. සාසෙ කුමාරසිංහ ඒඩබ්එල්ජේ - ශ්‍රීලයුසේබ (ඉසව්අංක 01) - දෙවන ස්ථානය

02. සාසෙ කුමාරසිංහ ඒඩබ්එල්ජේ - ශ්‍රීලයුසේබ (ඉසව්අංක 02) - ප්‍රථම ස්ථානය

රේසින් 250 සීසී ජාතික ශුරතා ඉසව්ව

01. සංසෙ සිල්වා ඩිබිකේ - ශ්‍රීලංසංබ (ඉසව්අංක 01) - දෙවන ස්ථානය

02. කෝප්‍රල් ප්‍රේමරත්න එම්එම්ජේඑස් - විපාරෙ (ඉසව්අංක 02) - දෙවන ස්ථානය

03. සංසෙ සිල්වා ඩිබිකේ - ශ්‍රීලංසංබ (ඉසව්අංක 02) - දෙවන ස්ථානය

Asics shoes | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4