Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2017 21:47:40 Hours

මීතොටමුල්ල කසල කන්දේ නායගිය ප්‍රදේශයේ අවධානම් තත්වය බැහැර කිරිම සඳහා යුද්ධ හමුදා භට පිරිස් පොලිතීන් යොදා එම ප්‍රදේශය ආවරණය කරයි.

මීතොටමුල්ල කසල කන්ද ප්‍රදේශයේ දැනට ජිවත්වන සිවිල් ජනතාවගේ ආරක්ෂාව උදෙසා යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් සෙනසුරාදා (22) දින කසල කන්ද නාය යෑමෙන් එම ප්‍රදේශයේ පවතින අවධානම් තත්වය බැහැර කිරිමේ අරමුණින් පොලිතීන් යොදා ආවරණය කරනු ලබන අතර, මේ වන විට රජය විසින් විපතට පත්වු අයවලුන් සඳහා නිවාස සහ අනෙකුත් පහසුකම් සැපයිමේ කටයුතු වල නිරතව සිටියි.

භූ විද්‍යඥයන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් තමන්ගේ තාක්ෂණික දැනුම උපයෝගි කරගෙන සෑම පැයකදිම කුණු කන්දේ ජල මට්ටම පරික්ෂා කරන අතර, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්විම යටතේ මේජර් ජෙනරල් ධනංජය කරුණාරත්න සහ මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ මුලිකත්වයෙන් යුතුව භට පිරිස් සුන්බුන් ඉවත් කරමින් සහන මෙහෙයුම් කටයුතු වල නිරත වේ.

අප්‍රේල් 14 වන දින නව අවුරුදු උදාවත් සමඟම සිදු වු මෙම අපදා තත්වය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්විමෙන් සිය ගණනක්වු යුද්ධ හමුදා භට පිරිස් මෙම ස්ථානයට ක්ෂණිකව පැමිණ සහන කටයුතු වල නිරතවුහ.

ඉංජිනේරු භට පිරිස්, පාබල ඒකක, කමාන්ඩෝ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් වලින් යුද්ධ හමුදා සහන මෙහෙයුම් කණ්ඩායම් සමන්විත වු අතර, එම ස්ථානයේ මෙහෙයුම් මැදිරියක් ද ස්ථාපනය කර ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහ අනෙකුත් අදාල බලධාරින් සමඟ එක්ව අත්‍යවශය කටයුතු සම්පාදනය කරනු ලබයි.

බලධාරීන් විසින් යුද්ධ හමුදාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් විසින් මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී රාහුල විද්‍යාලයේ ගොඩනැගිලි අලුත් වැඩියාව සහ පීන්තාරු කිරිම සිදු කරනු ලබයි.

Running sports | Nike Shoes