Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th April 2017 15:03:25 Hours

මීතොටමුල්ල, නායයෑමේ ගලවා ගැනීමේ කාර්යයන්හි නියුතු භට පිරිස් යුද්ධ හමුදාධිපතිතුමාගේ අධික්ෂණයට

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් විපතට පත් වූ අයවලුන් බේරා ගැනීමේ සහ එම සහන කටයුතුවල නිරත යුද්ධ හමුදා භට පිරිස්හි අවශ්‍යතාවයන් සොයාබලමින් ඔවුන් ධෛර්යමත් කිරීම සඳහා අද (17) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, එම සහන කටයුතු සිදු කරන ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මෙම ආපදා තත්වය ඇති වූ අවස්ථාවේ සිට යුද්ධ හමුදාධිපතිතුමා ඒ පිළිබඳව සිය විශේෂ අවදානය යොමු කරමින් එම සහන කටයුතු සඳහා දායක වන සහෝදර හමුදාවන්, පොලිස් සහ විශේෂ කාර්ය බලකායේ භට පිරිස් මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් සමඟ සම්බන්ධ වී එහි වූ හදිසි අවශ්‍යතාවයන් සොයා බලමින් කටයුතු සම්පාදනය කරනු ලැබීය.

වෙහෙස, විඩාව නොබලා ගලවා ගැනීමේ සහ සහන සැලසීමේ කටයුතුවල නිරත සෙබලුන් හට මේ වන විට මළසිරුරු 30 ක් සොයාගැනීමට හැකි වී ඇත. භට පිරිස්හි කැපවීම සහ ධෛර්ය යුද්ධ හමුදාධිපතිතුමා ඇගයීමට ලක් කළ අතර, සහන භට පිරිස් විසින් ඉදිරියට කරගෙන යනු ලබන සැලසුම් පිළිබඳව මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමා දැනුවත් කිරීම ද සිදු කළහ.

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනෙවිරත්න ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

jordan Sneakers | Klær Nike