Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd March 2017 22:29:57 Hours

මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ශ්‍රි ලංකා යුද හමුදාවේ 50 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කෙරේ

යාපනය ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් රාජකාරි කරමින් සිටින මේජර් ජෙනරාල් එන්.යු.එම්.එම්.ඩබ් සේනානායක ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සි, ශ්‍රි ලංකා යුද හමුදාවේ 50 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කර ඇත.

මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, 2016 ජනවාරි මස 28 වන දින සිට මේ දක්වා යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කරනු ලබන අතර, ඔහු විගේෂ බලකා රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි සිදුකරනු ලබයි.

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානිගේ ජිවදත්තයන් පහතින් දැක්වෙයි;

මේජර් ජෙනරාල් එන්.යු.එම්.එම්.ඩබ් සේනානායක ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සි වසර 1981 ඔක්තෝබර් 16 වන දින ශ්‍රි ලංකා යුද හමුදාවට බැඳි කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 16 පාඨමාලාව (දිර්ඝ කාලීන පාඨමාලා) හදාරා එම පාඨමාලාවේ දී අතිශුර කෙඩෙට් නිලධාරි හට හිමි සම්මාන අසිපත දිනාගනිමින් පාඨමාලාවේ ‍ජ්‍යෙෂ්ඨතම නිලධාරියා බවට පත්වන ලදි. අනතුරුව 1983 ජුනි මස 23 වන දින දෙවන ලුතිතන්වරයෙක් ලෙස අධිකාරියට පත්විමෙන් පසු ශ්‍රි ලංකා යුද හමුදා පළමුවන යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව වෙත ඇතුලත් කරන ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ශ්‍රි ලංකා යුද හමුදා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි හා බලඝණ නිලධාරි අණදෙන මෙන්ම ඒකකයෙන් පරිභාහිරවද ශ්‍රි ලංකා යුද හමුදා විද්‍යා පිඨයේ කෙඩෙට් නිලධාරි උපදේශක වැනි තනතුරද හොබවා ඇත. තවද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ස්වේච්ඡාවෙන්ම 1989 වර්ෂයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය වෙත ඇතුලත් විය. මේජර් ජෙනරාල් එන්.යු.එම්.එම්.ඩබ් සේනානායක උතුරු - නැගෙනහිර ප්‍රදේශයේ පැවති සියළුම යුද හමුදා මෙහෙයුම් වල විවිධ නායකත්ව ස්ථරයන් යටතේ සක්‍රීයව සහභාගි විය. පළමුවන විශේෂ බළකා රෙජිමේන්තුවේ බළඝණ නිලධාරි අණදෙන මෙන්ම දිගුදුර විමර්ශණ මෙහෙයුම් (LRP/LRRP) සංකල්පය හදුන්වා දෙමින් 3 වන විශේෂ බළකායේ අණදෙන නිලධාරි තනතුර ද හොබවන ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශේෂ බලකා රෙජිමේන්තුවේ සේනාවිධායක, 211 පාබල බලසේනාවේ බලසේනාධිපති (වව්නියාව), විශේෂ බලකා බලසේනාධිපති සහ 52 පාබල සේනාංකයේ (යාපනය, වරණිහි පිහිටි) සේනාංකාධිපති වැනි තනතුරු ද හොබවා ඇත. යුධ සමයේ අතිශය තීරණාත්මක අවධියන් හිදී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 52 සේනාංක මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි මෙන්ම ආරක්ෂක සේනා මුලස්ථානය යාපනය හී බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වැනි මාණ්ඩලික තනතුරු හොබවා ඇත. තවද, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මණ්ඩලික විද්‍යාලයේ නිලධාරි උපදේශක මෙන්ම මානුෂිය මෙහෙයුමෙහි තිරණාත්මක අවධියේදි යුද හමුදා මුලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කරන ලදි.

මේජර් ජෙනරාල් එන්.යු.එම්.එම්.ඩබ් සේනානායක ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආරක්ෂක උපාධිය මෙන්ම ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධියක්ද ලබා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ක්‍රීයාන්විත රාජකාරින්හි දක්වන ලද දක්ෂතා හේතුවෙන් ඔහු වෙත රණ වික්‍රම පදක්කම (RWP) සහ රණශූර පදක්කම (RSP) කිහිප වතාවක් පිරිනමා ඇති අතර, ඔහුගේ විශිෂ්ඨ සේවය ඇගයිම සඳහා උත්තම සේවා පදක්කමින් (USP) ද පිදුම් ලබන ලදි.

මේජර් ජෙනරාල් එන්.යු.එම්.එම්.ඩබ් සේනානායක උපායමාර්ගීක ක්‍රමෝපායන් අතින් ජාතික ආරක්ෂවට වැදගත් වන ස්ථානයක් වන ආරක්ෂක සේනාව යාපනය හී ආඥාපති වශයෙන් කටයුතු කර ඇති අතර, රජය මගින් දියත් කර ඇති සංහිදියාව සංකල්පය ක්‍රියාත්මක කිරිමෙහිලා මහගු සේවයක් ඉටුකරන ලදි. එමෙන්ම අභ්‍යන්තරික අවතැන්වුවන් නැවත පදිංචි කිරිමේ ක්‍රියාවලිය ද ඔහුගේ නායකත්වය යටතේ සිදුකරන ලදි. තවද, ඔහු විශේෂ බලකා රෙජිමේන්තු අධිපති වශයෙන්ද තනතුරු හොබවනු ලබයි. මෙම ජ්‍යෙෂඨ නිලධාරි චන්ද්‍රිකා සේනානායක මහත්මිය සමග විවාහ දිවියට පත් වු අතර ඔවුන් හට දියණියන් දෙදෙනෙකු සහ එක් පුතණුවෙකු සිටියි.

Nike shoes | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov