Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2017 12:13:04 Hours

විජයබාහු මෝටර් ක්‍රොස් බෝයගනේ ධාවනපථයේ දි පැවැත්වීමට සියලු කටයුතු සුදානම්

ශ්‍රී ලංකා යුද හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුව සංවිධානය කරන වසරේ දැවැන්ත යතුරු පැදි ධාවන තරගයක් වන ‘විජයබාහු මෝටර් ක්‍රොස් - 2017’ 15 වන වරටත් කුරුණැගල, බෝයගනේ ධාවනපථයේ දී අප්‍රේල් මස 2 දින පැවැත්විමට නියමිතය.

මේ පිළිබඳව සිකුරාදා (17) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් මෙම තරඟාවලිය සඳහා තරඟකරුවන් 100 කට වැඩි පිරිසක් තරඟවඳින බවත් ඒ සඳහා විදෙස් ධාවකයින් ද සහභාගිවීමට නියමිත බවත් පැවසීය.

මෙම වසරේ පැවැත්වෙන ‘විජයබාහු මෝටර් ක්‍රොස්’ තරඟාවලිය ළමුන් සඳහා වෙන්කළ යතුරු පැදි ධාවන ඉසව් දෙකක් ද ඇතුලුව තරඟ ඉසව් 13 කින් සමන්විත වේ.

මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය දක්වන නව ලංකා ගෘහභාණ්ඩ (පුද්) සමාගමේ සහ සම අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ නියෝජිතයින් ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි අතර, එහිදි මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, සෑම වසරකම පවත්වන මෙම දැවැන්ත ධාවන ඉසව්ව සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කළහ.

මෙමඟින් ලැබෙන අරමුදල් විජයබාහු පාබල රෙජිමේන්තුවේ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහ ආබාධිත රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා යොදවනු ලබන බවත්, ඉන් කොටසක් විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු සඳහා යොදවනු ලබන බවත් මෙහිදි පැවසීය.

තවද ,එහිදි යෝජිත ධාවන සැලැස්ම සහ ධාවන කොන්දේසි ද පැහැදිලි කළහ.

හච් පුද්ගලික සමාගම, සියට් ආයතනය, කැළණි ජාත්‍යන්තර ටයර් (පුද්) සමාගම, හොන්ඩා සහ එලිෆන්ට් හවුස් සමාගම ද මෙම දැවැන්ත ධාවන ඉසව්ව සඳහා සම අනුග්‍රහයකත්වය දක්වනු ලැබේ.

jordan Sneakers | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify