Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th February 2017 11:50:34 Hours

යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ සාලියවැව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයක

යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ බ්‍රහස්පතින්දා (23) දින සාලියවැව, කලාඔය පිහිටි යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සංචාරය කරන ලදි.

එහිදි පුහුණු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජි.වි. රවිප්‍රිය විසින් එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවිම් මෙන්ම පුහුණු ආකෘතින් පිළිබඳව විමසා සිටියහ.

මෙහිදි පුහුණු අධ්‍යක්ෂ විසින් ඉදිරියේ දී සිසුන් හට වැදගත් වන වෘත්තීය පුහුණු පාඨමාලාවන් හඳුන්වාදීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලදි. තවද, පුහුණු අධ්‍යක්ෂ විසින් වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂවරුන් සමඟ NVQ III මට්ටමේ පාඨමාලාවන් NVQ IV මට්ටම දක්වා රැගෙනයාමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබීය.

එසේම ඔහු, 2016 වර්ෂය වෙනුවෙන් යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මඟින් පවත්වන ලද පාඨමාලාවන් හැදැරූ යුද හමුදා සාමාජිකයින් 30 දෙනෙකු හට සහ සිවිල් සාමාජිකයින් 04 දෙනෙකු වෙත සහතික පත් පිරිනැමිම සඳහා ද එක්විය.

affiliate link trace | UOMO, SCARPE