Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th February 2017 20:21:50 Hours

අක්කරයන්කුලම් රෝහල සහ මාර්ගය දෙපස පිරිසිදු කිරිමේ ශ්‍රාමදාන වැඩසටහනක්

අක්කරයන්කුලම් ප්‍රාදේශිය රෝහල් බලධාරින්ගේ ඉල්ලීමකට අනුව, 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 652 වන බලසේනාවේ භට පිරිස් සඳුදා (13) දින එම රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ප්‍රජා ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය දක්වන ලදි.

කිලිනොච්චි දිස්ත්‍රිකයේ අක්කරයන්කුලම් ප්‍රදේශයේ ගම්මාන හතරක සිවිල් වැසියන් 6258 දෙනෙක් පමණ මෙම රෝහලේන් ප්‍රතිකාර ලබා ගන්නා අතර, එම රෝහල් පරිශ්‍රයේ කුණු කසල විශාල ප්‍රමාණයක් පැවති බැවින් ඒවා පිරිසිදු කර ගැනිමේ අවශ්‍යතාවය මත 652 බලසේනාව වෙතින් සහාය ඉල්ලා සිටියහ.

එමෙන්ම, 651 සහ 652 බලසේනාවන් හා 11 වන ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් එක්ව සිදු කළ ශ්‍රමදාන ව්‍යාපාරයක් මඟින් නච්චිකුඩා සිට පලවරයන්කාඩු ප්‍රධාන මාර්ගය දෙපස පිරිසිදු කිරිම සිදු කරන ලදි.

65 වන සේනාංකයේ සේනාකාධිපති මේජර් ජෙනරාල් සරත් විරවර්ධනගේ සහ ඒ යටතේ වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ මඟපෙන්විම යටතේ, යුද හමුදා සාමාජිකයන් විසින් සිවිල් වැසියන්ගේ ද සහයෝගය ඇතිව මෙම පිරිසිදු කිරිමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

Running Sneakers Store | Nike Running