Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th February 2017 09:12:47 Hours

මේජර් ජෙනරාල් චන්න ගුණතිලක වෙත ‘ලෝක මානව සම්පත් සංවර්ධන විශිෂ්ඨතා නායකත්ව සම්මානය - 2017’ හිමිවේ

ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් එච්.සී.පී. ගුණතිලක ලෝක මානව සම්පත් සංවර්ධන කොංග්‍රස් සමුළු රජත ජයන්ති සංවත්සරයේ ජූරි සභිකයෙකු ලෙස සහභාගි වූ අතර, එහිදි ඔහු වෙත ‘ලෝක මානව සම්පත් සංවර්ධන විශිෂ්ඨතා නායකත්ව සම්මානය - 2017’ හිමි විය.

ඉන්දියාවේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා රටවල් 133 ක් නියෝජනය කරමින් මානව සම්පත් සංවර්ධනය පිළිබඳව විශේෂ නියෝජතයින් 1400 ක් පමණ සහභාගි විය. එහිදි, ලෝක මට්ටමේ මානව සම්පත් නායකයින් සම්මානයට පාත්‍ර වූ අතර, විශිෂ්ඨ ජාත්‍යාන්තර කථිකයින් කිහිප දෙනෙකු ද එම සමුළුව ඇමතීය.

මේජර් ජෙනරාල් චන්න ගුණතිලක යුද හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු ලෙස පිළිගැනීමට පාත්‍ර වී ඇති අතර, මෙරට විශාලතම වඩාත් අභියෝගාත්මක මානව සම්පත් ආයතනයක් වූ යුද හමුදාවේ දෙවන තනතුර වන මාණ්ඩලික ප්‍රධානි තනතුර හොබවනු ලැබේ.

ලෝක මානව සම්පත් සංවර්ධන කොංග්‍රසය මානව සම්පත් පිළිබඳව තීරණාත්මක අංග ආවරණය කරන්නා වූ එකම ගෝලීය ආයතනය වන අතර, එමගින් උපාය මාර්ගික මානව සම්පත් කළමණාකරනය, පුහුණූ හා සංවර්ධනය, ඉගෙනීම, පුහුණු කිරීම සහ නායකත්වය, කතා ඉදිරිපත් කිරීම, වන්දි හා ප්‍රතිලාභ, සංවිධාන සංවර්ධනය, සෞඛ්‍ය හා සුවතා, විශ්වාසය ගොඩනැගීම, විවිධත්වය සහ අන්තර්ගතය, නිර්මාණ චින්තනය සහ මානව සම්පත් තාක්ෂණය අන්තර්ගත වේ.

මේජර් ජෙනරාල් චන්න ගුණතිලක කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යයෙකු වේ.

Running sports | FASHION NEWS