Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2017 16:59:50 Hours

තෛයිපොංගල් දිනය නිමිත්තෙන් සරුංගල් තරඟාවලියක්

තෛයිපොංගල් දිනයේ (14) තරුණයින්, ළමුන් සහ සිවිල් වැසියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කන්කසන්තුරේ වෙරළ තීරයේ දී දැකුම්කලු සරුංගල් තරඟාවලියක් පවත්වන ලදි.

සිවිල් වැසියන් හා අර්ධද්වීපයේ ආරක්ෂක හමුදාවන් අතර හොඳ හිත සහ සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් ඉලවාලි තරුණ සමාජයේ සහාය ඇතිව මෙම තරඟාවලිය සංවිධානය කරන ලදි.

එමෙන්ම, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ යෝජනාවකට අනුව ජාතික ඒකාබද්ධතා හා සංහිඳියාව පිළිබඳ අමාත්‍යාංශය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රදේශයේ තරුණයින්ගේ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය සිදුකෙරිනි.

මෙම තරඟාවලිය සඳහා සරුංගල් 200 ක් පමණ ඉදිරිපත් කර තිබු අතර, විශේෂ විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරා ගන්නා ලද හොඳම සරුංගල් සඳහා මෙහිදි මුදල් ත්‍යාග පිරිනමන ලදි. ඒ අනුව ප්‍රථම ස්ථානය වෙත රුපියල් 5000/= ක්, දෙවන ස්ථානය වෙත රුපියල් 3000/=ක් සහ තෙවන ස්ථානය වෙත රුපියල් 1500/= බැගින් වූ ත්‍යාග පිරිනැමිම මෙහිදි සිදු කෙරිනි.

මෙම තරඟාවලිය අතරතුර, පැමිණ සිටි අයවලුන්ගේ රසාස්වාදය සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සංගීත කණ්ඩාය විසින් සංගීත ප්‍රසංගයක් ද පවත්වන ලදි.

ජාතික ඒකාබද්ධතා හා සංහිඳියාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් සිවඥාණසෝධි මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, උතුරු නාවික ආඥාපති රියර් අද්මිරාල් ද සිල්වා, 51 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා, 513 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය, තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් ශ්‍රී මෝහන් මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) මුරලිදරන් මහතා,අණදෙන නිලධාරීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ආරාධිතයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

latest Running | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092