Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2017 14:01:09 Hours

සංචාරකයින් දැනුවත් කිරීමට නව තොරතුරු මධ්‍යස්ථානයක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ යෝජනාවකට අනුව කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණට නුඳුරු රණවිරු ස්මාරකය අසළ එය නැරඹිමට පැමිණෙන සංචාරකයින් සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට නියමිතය.

එම ව්‍යාපෘතියේ මුලික කටයුතු සිකුරාදා (13) දින කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති චාම් උත්සවයක දී ආරම්භ කරන ලදි.

කොකාවිල් රණවිරු ස්මාරකය පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත මෙම තොරතුරු මධ්‍යස්ථානයේ මුලික අරමුණ වනුයේ 1990 ජූනි මස 11 වන දින කොකාවිල් හි පැවති ත්‍රස්තවාදින්ට එරෙහි සටනේ තොරතුරු පිළිබඳව එහි පැමිණෙන සංචාරකයන් දැනුවත් කිරීම වේ.

මෙම රණවිරු ස්මාරකය ඉදිකිරිමේ අරමුණ වූයේ කොකාවිල් සන්නිවේදන කුළුණ ආරක්ෂා කිරීම වෙනුවෙන් යොදවා සිටි යුද හමුදා අනුකණ්ඩයට අණදෙමින් සිය ජීවිත පරිත්‍යාග කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතාන් සාලිය උපුල් අලදෙණිය සිහි කිරිම සඳහා වේ. එම සටනේ දී අනුකණ්ඩය විනාශ කිරීමට පැමිණි ත්‍රස්ත්‍රවාදීන් හට කිසිදු ඉඩක් නොතබා ඔවුන් සටන් වැදුණු අතර, එහිදි සෙබලුන් විශාල ප්‍රමාණයක් තුවාල ලැබූහ. ඔහුගේ අණදීමෙන් නොකඩවා සටන් කර, ඔහු තම ජීවිතය පුජා කරන ලදි. ඒ වෙනුවෙන් ඔහු හට රණවිරුවෙකු වෙත පිරිනමනු ලබන උසස්ම පදක්කම වන පරම වීර විභූෂණ පදක්කම ද හිමි ගන්වා ඇත.

ඉදිරි නඩත්තු පෙදෙසෙ ආඥාපති, 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අතුල ගලගමගේ, 573 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත් සුභසිංහ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.

bridge media | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!