Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2017 09:32:53 Hours

ඌරණි ධීවර යාත්‍රා නැවතුම් තොටුපල වසර 27 කට පසු ජනතා අයිතියට

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් ඌරණි ධීවර යාත්‍රා නැවතුම් තොටුපල ඌරණි, තායිඩ්ඩි (නැගෙනහිර) සහ නල්ලිනාක්කපුරම් ධීවර ප්‍රජාවගේ යහපත වෙනුවෙන් ඔවුන්ගේ ජීවනෝපාය නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදාකරදෙමින් වසර 27 කට පසු සෙනසුරදා (14) දින ජනතා අයිතියට පත් කරන ලදි.

අතිගරු ජනාධිපතිතුමාගේ සංහිහිඳියා වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ජාතික ඒකාබද්ධතා හා සංහිඳියා සතිය නිමිත්තෙන් සෙනසුරදා (14) දින මෙම ධීවර යාත්‍රා නැවතුම් තොටුපල ජනතා අයිතියට පත් කරනු ලැබීය.

යුද හමුදාපතිගේ පූර්ණ උපදෙස් මත යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යාපනය දිස්ත්‍රික් ලේකම්, ජාතික ඒකාබද්ධතා හා සංහිඳියාව පිළිබඳ අමාත්‍යාංශය, උතුර නාවික මුලස්ථානය සහ අදාළ අධිකාරීන්ගේ සම්බන්ධිකරණයෙන් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ තවත් මානුෂිය ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරන ලදි.

එකවර ධිවර යාත්‍රා 100 ක් පමණ නවතා තැබිය හැකි මෙම තොටුපල අක්කර දෙකකින් සමන්විත වන අතර, එහි දිග ප්‍රමාණය මීටර් 325 ක් පමණ වේ.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව ඉතා සතුටට පත් වූ අතර, ඔවුන්ගේ ධීවර බොට්ටු යාත්‍රා කිරීමට ප්‍රථම සංකේතාත්මකව හින්දු ආගමික වතාවත් ද සිදු කරනු ලැබීය. තවද, මෙම අවස්ථාවට එක් සිටි ඔවුන්ගේ භාර්යාවන් සහ පවුල්වල සාමාජිකයින් විසින් සිය ජීවනෝපාය නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදාකරදීම සබැඳිව යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන නිලධාරීන් වෙත ස්තුතිය ද පුද කළහ.

මෙම අවස්ථාව සඳහා ජාතික ඒකාබද්ධතා හා සංහිඳියාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් එම්. සිවඥාණසෝධි මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, උතුරු නාවික ආඥාපති රියර් අදිමිරාල් පියල් ද සිල්වා, 51 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා, 513 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සිසිර පිලිපිටිවය, තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් ශ්‍රී මොහන් මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) මුරලිදරන් මහතා, අණදෙන නිලධාරීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ආරාධිතයින් ද එක්ව සිටියහ.

Nike Sneakers | Nike