Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වෙහෙරතැන්න රොෂාන් මාහානාම ප්‍රාථමික විද්‍යාලය ඉදිකිරිමේ ව්‍යාපෘතිය සඳහා යුද හමුදාවේ දායකත්වය

යුද හමුදාවේ ඉල්ලිමකට අනුව උදාරාත්වය සහ ත්‍යාගශිලීත්වය ප්‍රදර්ශනය කරමින් හිටපු ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රිඩකයකු විසින් වවුනියාව දිස්ත්‍රික්යේ පිහිටි වෙහෙරතැන්න ගම්මානයේ මෙම නව පාසල ඉදිකිරීමට කටයුතු කරන ලදි.

‘රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලය’ ලෙස නම් කළ ඇති මෙම ප්‍රථමික විද්‍යාලය ඉදිකිරිමේ ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්වන ක්‍රිකට් ක්‍රීඩක රෝෂාන් මහනාම, රුපියල් මිලියන 3 කට ආසන්න මුදලක් වැය කර ඇති අතර, එහි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.එච්.එම්.ඒ. විජේසිංහගේ මඟපෙන්විම මත 26 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ලබාදුන් ඉංජිනේරු සහාය සහ ශ්‍රමදායකත්වය පිළිබඳ ස්තුතිය ද මෙහි දි පුද කළහ.

වෙහෙරතැන්න ප්‍රදේශවාසීන්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවැති මෙම පාසල් ගොඩනැගිල්ල පන්ති කාමර 05 කින් සමන්විත වන අතර, එහි ඉදිකිරිම් කටයුතු සඳහා මාස 08 ක පමණ කාලයක් ගත වී ඇත.

බදාදා (11) දින පැවති මෙම පාසල විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා රොෂාන් මහානාම, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග, 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ. විජේසිංහ, 623 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රසන්න ගුණරත්න, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා සිවිල් වැසියන් ද සහභාගි වූහ.

මෙම නව පාසල් ගොඩනැගිල්ල විවෘත කළ දිනයේ දී සිසුන් 44 ක් ඇතුලත් කළ අතර, 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වීමට මෙහි පහසුකම් සලසා ඇත.

මෙම අවස්ථාවේ දී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් නව ප්‍රාථමික විද්‍යාලයේ භාරකාරත්වය නිල වශයෙන් භාර ගත් අතර, මෙම පාසල සඳහා ගුරුවරුන් හා අවශ්‍ය ගෘහ භාණ්ඩ සපයාදෙමින් සිය සහයෝගය ද දක්වන ලදි.

සාම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව පළමු ළමුන් කණ්ඩායම ඇතුලත් කිරීමේ කටයුතු සිදුකෙරිනි.

එමෙන්ම, මෙම විද්‍යාලයේ විදුහල්පති ක්‍රිෂාන්ත ජයසූරිය මහතා උත්සව සභාව අමතමින් රොෂාන් මහානාම මහතා කළ උපකාරය ප්‍රශංසාවට ලක් කළ අතරම, වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භට පිරිස් ලබාදුන් ඉමහත් දායකත්වයක් ඇගයීමට ද ලක් කළහ.

තවද, පාසල් සිසුන් වෙත පාසල් බෑගයක්, නිළඇඳුම් කට්ටල දෙකක්, පාවහන් සහ අනෙකුත් පාසල් උපකරණ අඩංගු රුපියල් 5000 ක් වටිනා ත්‍යාග පාර්සල් ද එහිදි ලබාදෙන ලදි.

මීට අමතරව, රොෂාන් මහානාම මහතා ඇතුලු අනෙකුත් පිරිස විසින් පාසලේ ක්‍රීඩා කටයුතු සඳහා ක්‍රීඩා භාණ්ඩ ද ,ගුරුවරුන් වෙත ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කරන ලදි.

latest jordan Sneakers | Klær Nike