Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2017 10:23:20 Hours

3 (ස්වෙච්ජා) සිංහ රෙජිමේන්තුව සහ 19 (ස්වෙච්ජා) ජාතික ආරක්ෂක බලමුළුවේ භඨ පිරිස් විසින් ලැව්ගින්න නිවා දමයි

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (10) නුවරඑළිය, පිදුරුතලාගල ප්‍රදේශයේ සීඝ්‍රයෙන් පැතිරුනු ලැව්ගින්න නිවා දැමීමට සමත් විය.

පිදුරුතලාගල වන සංරක්ෂිත ප්‍රදේශයේ ඇතිවු මෙම ලැව්ගින්න වැල්ලවාය ප්‍රදේශයේ ස්ථාපිත 3 (ස්වෙච්ජා) සිංහ රෙජිමේන්තු භඨ පිරිස් නිරීක්ෂණය කල අතර අනතුරුව ඔවුන් එම ප්‍රදේශයට ලඟාවී ගින්න නිවා දැමීමට කටයුතු කරන ලදි.

මේ සඳහා යුද හමුදා සමාජිකයින් 30 දෙනකු පමණ සහභාගි විය.

මේ අතර 112 බලසේනාව යටතේ සේවයේ නියුතු 19 (ස්වෙච්ජා) ජාතික ආරක්ෂක බලමුළුවේ භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (10) දින නුවරඑළිය රොසිටා ෆාම් ප්‍රදේශයේ ඇතිවු ලැව්ගින්න නිවා දැමීමට සමත්විය.

Running sports | Women's Designer Sneakers - Luxury Shopping