Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th January 2017 10:28:00 Hours

නැගෙනහිර ආඥාපති 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායෙහි සංචාරයක

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සිය ධූරයෙහි රාජකාරී භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට ඉරිදා (08) දින ත්‍රිකුණාමලය ක්ලැපන්බර්ග් හි පිහිටි 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායෙහි සංචාරය කරන ලදි.

එහි පැමිණි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති පිළිගැනීම 5 (ස්වේච්ජා) යුද හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරී මේජර් ඩි.එච්.එස්. ප්‍රනාන්දු විසින් සිදු කළ අතර, හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය.

සංචාරක ආඥාපතිතුමා විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපනය කළ අතර, භට පිරිස් ඇමතීම සහ සියලු නිල තේ සංග්‍රහයට සහභාගිවීම ද එහිදි සිදුකෙරිනි.

අනතුරුව, 5 (ස්වේච්ජා) යුද හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරී සහ කණ්ඩායම් භාර නිලධාරීන් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති අතර පැවති හමුවේ දී ඔවුන්ගේ අවශ්‍යතා සහ ගැටලු පිළිබඳව සාකච්ජා කරන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික සහ කර්නල් පාලන හා භට කාර්ය සම්පාදන ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

latest Running Sneakers | Nike Dunk - Collection - Sb-roscoff