Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th January 2017 14:59:45 Hours

ඇති වූ ගිනි ගැනීම් දෙකක් භට පිරිස් මැදිහත්විමෙන් මැඩපවත්වයි

මහනුවර, ගිනිගත්හේන සහ මොකවත්ත යන වනරක්ෂිත ප්‍රදේශවල ඉරිදා (08) දින ඇති වූ ගිනි ගැනිම් දෙකක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 19 (ස්වේච්ජා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් වහා ක්‍රියාත්මක වී මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

වෙවැල්තලාව රක්ෂිත ප්‍රදේශයේ වැසියන් විසින් කළ දැනුම්දීමකට අනුව 111 බලසේනාව යටතේ වන 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භටපිරිස් විසින් එම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි. එමෙන්ම, මහනුවර, මොකවත්ත ප්‍රදේශයේ ඉරිදා (08) දින ඇති වූ ගින්න ද 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 20 කට වැඩි භට පිරිසකගේ සහභාගීත්වයෙන් පස්වරු 2.30 පමණ වන විට මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

අනතුරුව, භට පිරිස් සිදුවී ඇති හානිය පිළිබඳව ප්‍රදේශයේ වනසංරක්ෂණ නිලධාරීන් දැනුවත් කරන ලදි. වර්ෂාව නොමැතිවීම හා පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් රටේ ප්‍රදේශ කිහිපයක මෙවැනි ගිනි ගැනිම් ඇති වී ඇත.

Nike Sneakers | Air Jordan Release Dates 2020