Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th January 2017 10:36:37 Hours

‘නීරෝගීමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’තේමාව යටතේ යාපනය සහ කිලිනොච්චි භට පිරිස් දැනුවත් කෙරේ

4 වන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ පූර්ණ සම්බන්ධීකරණයෙන් ‘නීරෝගීමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’යන තේමාව යටතේ දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (05) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

මෙම වැඩසටහනේ දී බෝ නොවන රෝග පිළිබඳව දැනුවත් කිරිම සිදුකෙරිනි.

තවද, මෙම වැඩසටහන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් සංවිධානය කෙරිනි.

කොළඹ යුද හමුදා රෝහලේ කායික රෝග විශේෂඥ මෙන්ම එම වැඩසටහන් සම්බන්ධීකාරක බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන, එම රෝහලේ මානසික රෝග විශේෂඥ කර්නල් ආර්.එම්.එම්. මොණරාගල සහ පෝෂණවේදී ලුතිතන් ඒ.සී.කේ. උඩුගම විසින් ශරීර සෞඛ්‍ය පවත්වාගැනීම හා යහපත් ආහාර පුරුදු පිළිබඳව සහභාගීවුවන් දැනුවත් කිරීම මෙහිදි සිදුකෙරිනි.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුව පිළිබඳව බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන විසින් ඇගයීමට ද ලක් කළහ.

දිවයිනේ වාර්ෂික මරණ ප්‍රතිශතයෙන් 2/3 ක් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බවත්, දුම්පානය, මත්පැන් පානය, තරබාරුභාවය සෞඛ්‍යයට අහිතකර ආහාරපාන ලබාගැනීම සහ ව්‍යායාම නොකිරීම වැනි අයහපත් සෞඛ්‍ය පුරුදු මේ සඳහා හේතුවන බවත් කර්නල් මොණරාගල විසින් මෙහිදි පැහැදිලි කරන ලදි.

නිලධාරීන් 20 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 320 ක් මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

එමෙන්ම, මෙම මාතෘකාව යටතේම තවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (06) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

එම විද්වත් මණ්ඩලය විසින්ම මෙම වැඩසටහන ද මෙහෙයවිය.

මේ සඳහා නිලධාරීන් 50 ක් සහ සෙසු නිලයින් 370 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 420 ක් සහභාගි වූහ.

latest Nike release | Sneakers Nike