Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st November 2016 13:31:06 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අභිත විරුවන් හට අඹේපුස්සේ දී පදක්කම් ප්‍රදානය කරයි

මව්බිම වෙනුවෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්‍රදානය කිරීමේ උළෙලක් සෙනසුරදා (19) දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

2009 මැයි මස මානුෂීය මෙහෙයුමෙන් මව් බිම මුදවා ගැනීමට පෙර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් සිදු කරනු ලැබූ උදාරතම මෙහෙය අගයමින් පදක්කම් 982 ක් ප්‍රදානය කරනු ලැබූ අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහභාගි විය.

එහිදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.ඒ.එල් රත්නසිංහ විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තු ශ්‍රවණාගාර පරිශ්‍රයේ පැවති පදක්කම් ප්‍රදාන උළෙල සඳහා කැඳවාගෙන යනු ලැබීය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ගීතය ගායනා කිරීමෙන් අනතුරුව දේශය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක පමණ පැවති නිහඩතාවයක් පවත්වා එදින පදක්කම් ප්‍රදානය කිරීමේ උළෙල ආරම්භ කරනු ලැබීය.

ප්‍රථම අදියරේ දී, තම තමන් විසින් ස්වේච්ඡාවෙන්ම සතුරු උවදුරුවලට මුහුණපාමින් පෞද්ගලිකව හෝ සාමුහිකව කරන ලද වීර ක්‍රියාවන් අරඹයා රණ වික්‍රම පදක්කම් 109 ක් පිරිනමනු ලැබීය.

අනතුරුව සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක් වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා රණ ශුර පදක්කම් 873 ක් පිරිනමන ලදී.

තවද ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් උත්සවය අමතා පදක්කම්ලාභී අභිත වරුවන් හට සුභ පැතුම් එක් කරනු ලැබීය.

එමෙන්ම, ‘රත්නදීප ජන්ම භූමි’ දේශාභීමානි ගීතය වාදනය සහ ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව අවසානය සනිටුහන් විය.

මෙම පදක්කම් ප්‍රදානය කිරීමේ උළෙල සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් රැසක් ද සහභාගි වූහ.

short url link | Ανδρικά Nike