Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st November 2016 13:34:45 Hours

ගජබා රෙජිමේන්තු භට පිරිස් වෙත පදක්කම් ප්‍රදානය කරයි

මව්බිම වෙනුවෙන් ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම(RWP) සහ රණ ශූර පදක්කම් (RSP) ප්‍රදානය කිරීමේ උළෙලක් අඟහරුවාදා (15) දින අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගජබා රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් උදය පෙරේරා සහභාගි විය.

මේ වන විට ගජබා රෙජිමේන්තුවට අයත් භට පිරිස් 1157 දෙනෙකු රණ වික්‍රම පදක්කම(RWP) සහ රණ ශූර පදක්කම් (RSP) ලැබීමට සුදුසුකම් ලබා ඇත.

එදින පැවති ප්‍රදක්කම් ප්‍රදානය කිරීමේ උළෙලේ දී ගජබා රෙජිමේන්තු අභීත විරුවන් දේශය වෙනුවෙන් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් එම රෙජිමේන්තු භට පිරිස් 676 දෙනෙකු වෙත රණ ශූර පදක්කම සහ රණ වික්‍රම පදක්කම පිරිනමනු ලැබීය.

දේශය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක පමණ පැවති නිහඩතාවයකින් අනතුරුව ගජබා රෙජිමේන්තු සංස්කෘතික කණ්ඩායමෙහි ‘රණ බෙර’ හඩ මධ්‍යයේ එදින පදක්කම් ප්‍රදානය කිරීමේ උළෙල ආරම්භ කරනු ලැබීය.

ඉන් අනතුරුව රණ වික්‍රම පදක්කම හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් හට පිරිනැමු අතර, තම තමන් විසින් ස්වේච්ඡාවෙන්ම සතුරු උවදුරුවලට මුහුණපාමින් පෞද්ගලිකව හෝ සාමුහිකව කරන ලද වීර ක්‍රියාවන් අරඹයා මෙම පදක්කම පිරිනමන ලදි.

පසුව රණ ශුර පදක්කම පිරිනැමිම සිදු කළ අතර, සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක් වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා මෙම පදක්කම පිරිනමනු ලැබේ.

තවද ගජබා රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් උදය පෙරේරා විසින් මෙම උත්සවය අමතන ලදි. අනතුරුව ‘රත්නදීප ජන්ම භූමි’ දේශාභීමානි ගීතය වාදනයත් සමඟින් උත්සවයේ අවසානය සනිටුහන් විය.

සාලියපුර පැවති මෙම පදක්කම් ප්‍රදානය කිරීමේ උළෙල සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් රැසක් ද සහභාගි වූහ.

Running Sneakers | Nike Running