Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th October 2016 18:20:57 Hours

තවත් දෙමළ භාෂා පාඨමාලාවක් පවත්වයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන පුහුණු වැඩසටහනට අනුව භට පිරිස් දෙමළ භාෂා දැනුම පිළිබඳ දැනුවත් කිරිමේ අරමුණින් තවත් දෙමළ භාෂා පාඨමාලාවක් සඳුදා (24) දින භාරතීපුරම් උසස් පාබල පුහුණු පාසලේ දී ආරම්භ කරන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්වීම යටතේ මාස 02 ක් පුරා එම ආරක්ෂක සේනා මුලස්ථාන කොමිෂන් නොලත් නිලධාරීන් 24 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම දෙමළ භාෂා පාඨමාලාව දෙසැම්බර් මස 03 වන දින අවසන්වීමට නියමිතය.

662 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජි.ඩි. සුරිය බණ්ඩාර විසින් මෙහි ආරම්භක දේශනය සිදු කළ අතර, උසස් පාබල පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක සහ අනෙකුත් උපදේශකයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

best Running shoes | Nike Shoes, Sneakers & Accessories