Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th October 2016 16:26:17 Hours

භට පිරිස් සතු සැඟවුණු කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීඩා උත්සවයක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකය විසින් භට පිරිස් හි මානසික, කායික සහ ධෛර්ය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් ක්‍රීඩා තරඟාවලියක් පවත්වන ලදි.

මෙහි සහතිකපත් ප්‍රදානය කිරිමේ උත්සවය එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ඒ.එස්. වීරවර්ධනගේ මඟපෙන්වීම මත අඟහරුවාදා (18) දින පැවැත්විනි.

එහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් ආරාධිතයින් පැමිණිමෙන් අනතුරුව සංස්කෘතික නර්තනාංගයක් ද නරඹන්නන් වෙනුවෙන් ඉදිරිපත් කෙරිනි.

එමෙන්ම ශුරතාවය සහ අනුශුරතාවය හිමි කර ගත් කණ්ඩායම් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමිම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟින් 651 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.ආර්. අබේසිංහ සහ 653 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.කේ. ඊශ්වරන් ද එක්ව සිටියහ.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම සිවිල් වැසියන් විශාල පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

එහිදි පවැත් වූ තරඟ හි අවසන් තරඟ ප්‍රතිඵල පහතින් දැක්වේ.

වොලිබෝල්

ශුරතාවය - 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව

අනුශුරතාවය - 20 වන ගැමුණු හේවා බලකාය

දක්ෂතම ක්‍රීඩකයා - සාමාන්‍ය සෙබල එස්.ආර්. නිලංග - 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව

ක්‍රිකට්

ශුරතාවය - 20 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව

අනුශුරතාවය - 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

දක්ෂතම ක්‍රීඩකයා - මේජර් ඒ.පී.ඒ.එස් කුලතුංග - 20 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව

කඹ ඇදීම

ශුරතාවය - 19 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව

අනුශුරතාවය - 10 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව

එල්ලේ

ශුරතාවය - 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව

අනුශුරතාවය - 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

දක්ෂතම ක්‍රීඩකයා - සාමාන්‍ය සෙබල පී.බී.කේ ජයලත් - 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව

පාපන්දු

ශුරතාවය - 10 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව

අනුශුරතාවය -20 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව

දක්ෂතම ක්‍රීඩකයා - සාමාන්‍ය සෙබල ආර්.අයි.ඩබ්ලිව් ප්‍රනාන්දු - 10 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව

බැඩ්මින්ටන්

ශුරතාවය - 10 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව

අනුශුරතාවය - 1 වන ගජබා රෙජිමේන්තුව

දක්ෂතම ක්‍රීඩකයා - සැරයන් ඉදුනිල් කුමාර - 10 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව

පැසිපන්දු

ශුරතාවය - 65 වන සේනාංකය

අනුශුරතාවය - 19 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව

දක්ෂතම ක්‍රීඩකයා - කෝප්‍රල් එස්.එස්.එන් හරිෂ්චන්ද්‍ර - 65 වන සේනාංකය

මැරතන්

ශුරතාවය - 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

අනුශුරතාවය - 20 වන ගජබා රෙජිමේන්තුව

දක්ෂතම ක්‍රීඩකයා - රයිෆල් සෙබල ජී.එම්.පී.කේ මල්ගම්මන - 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

Sneakers Store | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos