Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th October 2016 16:27:31 Hours

යුද හමුදා හොකී කණ්ඩායම ජයග්‍රහණය කරයි

17 වන ‘ආදි විජය සත් සාමාජික’ හොකී තරඟාවලිය - 2016 ඉරිදා (23) දින මාතලේ එඩ්වඩ් හොකී ක්‍රීඩාංගණයේ දී පැවති අතර, එහිදී යුද හමුදා හොකී කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සමත් විය.

මාතලේ විජය විද්‍යාලය සංවිධානය කරනු ලැබූ මෙම තරඟාවලියෙහි අවසන් මහා තරගය සඳහා යුද හමුදා සහ ගුවන් හමුදා හොකී කණ්ඩායම් තරග වැදුණහ.

එහිදී ගුවන් හමුදා හොකී කණ්ඩායම පරදා ගෝල 3 ට 1 ක් ලෙස යුද හමුදා හොකී කණ්ඩායම ජයග්‍රහයණය කරන ලදී .

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කණ්ඩායම් නායක ලාන්ස් කෝප්‍රල් කීර්ති කුමාර තේරී පත් විය.

එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා හොකී සංගමයේ සභාපති, 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

trace affiliate link | jordan Release Dates