Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th October 2016 16:23:20 Hours

ආශිර්වාද පතා කප්රුක පූජාවක් පවත්වයි

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන 66 වන සේනාංක සිය සංවත්සරය නිමිත්තෙන් කප්රුක පූජාවක් සහ බෝධි පූජාමය පිංකමක් පසුගියදා පවත්වනු ලැබීය.

මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සහ යුද හමුදා සාමජිකයින් වෙත ආශිර්වාද පතා සිදු කරනු ලැබූ එම කප්රුක පූජාව රුවන්වැලි මහා සෑ රදුන් අභියස දී පවත්වනු ලැබීය.

එමෙන්ම, ආශිර්වාද බෝධි පූජාව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අභියස දී පවත්වනු ලැබීය.

එම ආගමික වැඩසටහන සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සමගින් 57 සහ 66 සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් සහ නිලධාරීන් 200 දෙනෙකු සමගින් සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.

trace affiliate link | Mens Flynit Trainers