Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2016 13:48:44 Hours

විහාරස්ථානයේ අනුග්‍ර‍හයෙන් සිවිල් වැසියන් සඳහා වියළි සලාක මලු බෙදා දේ

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යු.එස් විතානගේ අධීක්ෂණය යටතේ කෝකිලායි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සිවිල් වැසියන් සඳහා සිකුරාදා (24) දින වියළි සලාක මලු සහ අත්‍යවශ්‍ය ද්‍ර‍ව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. මෙහිදී බෙල්ලන්තර ශ්‍රී සදහම් යාත්‍රා පදනමේ සාමාජිකයින්ගේ දායකත්වයෙන් වියළි සලාක මලු 100 ක්, පාසල් උපකරණ කට්ටල 400 සහ කාන්තාවන් සඳහා මසා නිම කල ඇදුම් පාර්සල් 100 ක් මුලතිව් දිස්ත්‍රික්කයේ වැසියන් සඳහා බෙදා දෙන ලදී. මේ අතර, පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි විසින් කොකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ පූජ්‍ය ශ්‍රී තිස්සපුර ඥාණරතන හිමිට සහ මුලතිව් නයාරු ගුරුකන්ද විහාරයේ පූජ්‍ය කොළඹ මේධාලංකාර හිමි වෙත වතුර පොම්පයක් සහ සිමෙන්ති කොට්ට 15 ක් ප්‍ර‍දානය කරනු ලැබීය. මෙම අවස්ථාවේ ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති සහභාගි වූ අතර, බ්‍රිගේඩියර් පාලන සහ භට කාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩී.එස්.ඒ දෙහිවත්ත ද එම අවස්ථාව සඳහා එක් විය. එමෙන්ම මෙම වැඩසටහන සඳහා පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි සමගින් බෙල්ලන්තර ශ්‍රී සදහම් යාත්‍රා පදනමේ සාමාජිකයින් 150 දෙනෙකු, සංඝයා වහන්සේලා 21 නමක් සමගින් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.Authentic Sneakers | Nike for Men