Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2016 13:43:39 Hours

ඔරියන්ට් ඇකඩමි ආයතනයේ අනුග්‍රහයෙන් තවත් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක්

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු සෙබලුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අදිටනින් ඔරියන්ටි ඇකඩමි ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලැබූ තවත් එක් තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් ජුනි (21) දින 12 වන සේනාංක පුහුණු පාසල් පරිශ්‍ර‍යේ දී නිමා විය. මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරී නියුතු සෙසු නිලයින් 28 දෙනෙකු සහභාගි වූ එම පාඨමාලාව මැයි මස 31 වන දින ආරම්භ කරන ලදී. එම පාඨමාලාවේ දේශණ ඔරියන්ටි ඇකඩමි ආයතනයේ කථිකාචාර්යවරුන් වන ඩබ්.කේ නුවන් සමීර මහතා සහ එම්.ආර් ශාමික විදුරංග මහතා විසින් සිදු කරනු ලැබීය. පාඨමාලාවේ අවසන් අවස්ථාවෙහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස 12 වන සේනාංකයෙහි ප්‍ර‍ධාන මාණ්ඩලික නිලධාරී - 1 ලුතිතන් කර්නල් කේ.පී.ඩී.එන් චන්ද්‍රසේන සහභාගි විය.latest Nike Sneakers | adidas Campus 80s South Park Towelie - GZ9177