Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2016 13:39:55 Hours

කාන්තා බලකා සාමාජිකයින් ශාරීරික සෞඛ්‍ය පිළිබදව දැනුවත් වීමක

මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යුද හමුදා කාන්තා නිලධාරීන් සහ සෙසු නිලයින් හට තම සේවා කාලය තුලදී සිදුවන මානසික සහ ශාරීරික බලපෑම් පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදී. එම වැඩසටහන ජුනි මස 22 සහ 23 යන දිනයන්හි බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා ශ්‍ර‍වණාගාරයේදී පවත්වනු ලැබීය. මෙහිදී කොළඹ ජාතික රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් වැළැක්වීමේ ඒකකයේ වෛද්‍ය ඩී.ඕ.සී ද අල්විස් මහතා සමගින් යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙම වැඩමුළුවෙහි දේශණ පවත්වන ලදී. එම අවස්ථාව සඳහා නීති අධ්‍යක්ෂ මණ්ඩලයේ රාජකාරී නියුතු යුද හමුදා පොදු සේවා බලකායේ මේජර් සදුන් ගුණවර්ධන විසින් එම මාතෘකාවට අදාල නීතිමය රාමුව පිලිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා කාන්තා නිලධාරිනියන් 5 දෙනෙකු සහ සෙසු නිලයින් 194 දෙනෙකු සහභාගි වූහ.Running sports | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp