Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2016 13:31:28 Hours

611 වන සේනාංකය සිය 8 වන සංවත්සරය සමරයි

611 බලසේනාවේ සිය 8 වන සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී.එම්.ආර්.එස්.එච්.කේ හේරත්ගේ සහභාගීත්වයෙන් වන්නි පිහිටි එම බලසේනා පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය. මෙහිදී දේශය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට සහ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් හට ආශිර්වාද කරමින් ආගමික වතාවත් පවත්වනු ලැබීය. එමෙන්ම එදින (14) එම බලසේනාවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍ර‍දායානුකූලව බලසේනාධිපති කර්නල් පී.එම්.ආර්.එස්.එච්.කේ හේරත් හට සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙලපාලියක් පිරිනමු ලැබීය. අනතුරුව එම අවස්ථාව සිහිගන්විමින් බලසේනාධිපතිතුමා විසින් එම පරිශ්‍රයේ පැළයක් දරෝපණය කරනු ලැබීය. අනතුරුව පැවති සියලු නිල දිවා භෝජන සංග්‍ර‍යෙන් පසු සංවත්සරයේ වැඩකටයුතු නිමා කරනු ලැබීය.Nike shoes | UOMO, SCARPE