Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th June 2016 17:14:10 Hours

පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයින් සඳහා දැනුවත් කිරීමේ වැඩමුළුවක්

පුනරුත්ථාපනය වු කාන්තා එල්ටීටීඊ සාමාජිකයන් වෙනුවෙන් පවත්වනු ලබන පවතින සමාජ ආර්ථික සුබසාධන සම්බන්ධීකරණ වැඩමුළුහි තවත් එක් සැසියක් ජුනි මස 13 සිට 15 දක්වා දිනයන්හි තෙලිප්පලේ ප්‍රජා ශාලාවේ දී පවත්වන ලදී. යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය විසින් සංවිධානය කළ මෙම සුහද හමුවේ දී වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින පවුල් 10 ක් සඳහා කිරි පැකට් බෙදාදීම සිදු කරන ලදි. ප්‍ර‍තිසංස්කරණය හා සාමය ඇති කිරීමේ වැඩපිලිවෙල යටතේ 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය විසින් සංවිධානය කරන ලද වැඩසටහනේ දෙවන අදියර මෙය වේ. පුනරුත්ථාපනය වු එල්ටීටීඊ සාමාජිකයන්ගේ සමාජ ආර්ථික සුබසාධන සම්බන්ධීකරණ කටයුතු භාර නිලධාරි මේජර් ජගත් කුමාර, 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය දෙවන අණදෙන නිලධාරි මේජර් ක්‍රිෂානි අබේවික්‍ර‍ම මෙන්ම තවත් කාන්තා නිලධාරිනියන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.latest Running | Yeezy Boost 350 Trainers