Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th June 2016 17:12:28 Hours

තවත් පූණ්‍ය කටයුත්තක් සඳහා යුද හමුදා භට පිරිස්හි සහාය

පොසොන් පොහොය නිමිත්තෙන් බුද්ධ ශ්‍රාවකයින් 14 නමකගේ ධාතුන් වහන්සේලා තෙදිනක් පුරා ප්‍ර‍දර්ශනය කිරීම තිස්සමහරාම රජමහා විහාරයේ දී සිදුකරන ලදි. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඒ.පී. ද ඉසෙඩ් වික්‍ර‍මරත්නගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 122 බලසේනා සෙබලුන් විසින් මෙම කටයුත්ත සාර්ථකව සිදු කර ගැනීම සඳහා සිය සහයෝගය දැක්විය. සිකුරාදා (17) දින පස්වරුවේ මෙම ධාතුන් වහන්සේලා යුද හමුදා පෙර ගමන් රථයක් පෙරටු කරගත් වර්ණවත් රිය පෙරහැරකින් යටාලතිස්ස රජමහා විහාරස්ථානයටත්, අනතුරුව තිස්සමහරාම රජමහා විහාරස්ථානයටත් වැඩම කරවන ලදි. තවද භික්ෂුන් වහන්සේලා හට මුතු කුඩ ඇල්ලීම සඳහා සුදුවතින් සැරසුනු යුද හමුදා සාමාජිකයින් සහ ආරක්ෂාව සැපයීම සඳහා යුද හමුදා සාමාජිකයින් ඇතුලු යුද හමුදා සාමාජිකයින් විසිදෙදෙනෙක් මෙහි යොදවා තිබුණි. එමෙන්ම, මෙහිදි තෙදිනක් පුරා පැවැත්වෙන දන්සලේ ආහාර පිසීමේ කටයුතු සඳහා ද 122 බලසේනා මුලස්ථානය විසින් එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 15 දෙනෙකුගෙන් යුත් භට පිරිසකගේ දායකත්වය ලබාදෙන ලදි.Nike Sneakers | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret