Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th June 2016 17:10:02 Hours

යුද හමුදාව සංවිධානය කළ සංගීත වැඩමුළුව සඳහා සිවිල් වැසියන් ද එක්වේ

23 වන සේනාංක භට පිරිස් විසින් ජුනි මස 18 සහ 19 යන දිනයන්හි එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී ජීවිතය, සංගීතය සහ ගීතය යන තේමාව යටතේ වැඩමුළුවක් පවත්වන ලදි. රෝගවලට ප්‍ර‍තිකාරයක් ලෙස මෙන්ම මනසේ සහ සිරුරේ ඒකාග්‍රතාවය ඇති කිරිම සඳහා ද වසර සිය ගණනක සිට සංගීතය භාවිතා කර ඇත. විශේෂයෙන්ම ශාස්ත්‍රිය සංගීතය තුලින් මිනිස් මනසේ සහ සිරුරේ විශාල විවේකි බවක් ඇති කරයි. කොළඹ විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය හා ප්‍රාසාංගික කලා පිඨයේ මහාචාර්ය මහානාම වික්‍ර‍මසිංහ මහතා, මලිත් අනුරාධ මහතා සහ විරාජ් ආනන්ද මහතා සමඟ එක්ව මෙම වැඩමුළුව මෙහෙයවිය. මෙම වැඩමුළුව සඳහා 23 වන සේනාංකයේ මෙන්ම ඒ යටතේ වන බලසේනා සහ බලඇණිහි නිලධාරින් සහ සෙසු නිලයින් 1000 කට වැඩිපිරිසක් ද, වැලිකන්ද ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ පාසල් සිසුන් සියගණනක් ද සහභාගි වූහ.latest Running Sneakers | Sneakers