Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th February 2016 21:57:46 Hours

පාසල් සිසුන් සහ යුද හමුදා සාමාජිකයින් වෙත ‘තාරුණ්‍යය සහ ආදරය’ පිළිබඳ වැඩසටහනක්

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 23 වන සේනාංකය මඟින් සංවිධානය කළ ‘තාරුණ්‍යය සහ ආදරය’ මැයෙන් වන දේශනය සඳහා පාසල් සිසුන් 300 ක් සහ යුද හමුදා සාමාජිකයින් 700 දෙනෙක් පමණ සහභාගි වූ අතර, එය වැලිකන්ද මහා විද්‍යාලයේ දී පැවැත්විනි. 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත සංවිධානය කළ මෙම දේශනය මානව සම්පත් පිළිබඳ උපදේශක රත්නා පුෂ්පකුමාරි මහත්මිය විසින් මෙහෙයවූවාය. කාලානුරූපීව වැදගත් වන මෙම දේශනයට සවන්දීම පිණිස වැලිකන්ද ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරින් පාසල් සිසුන් යොමු කරනු ලැබීය. මෙම දේශනය අවසානයේ ඒ සඳහා සහභාගිවූවන්ට ඇති ගැටළු දේශකවරිය වෙත යොමු කොට පිළිතුරු ලබා ගැනීමට අවස්ථාව සැලසිනි.Adidas shoes | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth