Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2016 20:43:33 Hours

11 වන (සෙව්) ගජබා රෙජිමේන්තුව, ලකී ස්ටාර් ක්‍රීඩා සමාජය සහ මුලන්කාවිල් මහා විද්‍යාලය මුලන්කාවිල් වොලිබෝල් තරඟාවලියේ ශූරතා දිනා ගනිති

පසුගිය පෙබරවාරි 20 - 22 දක්වා තුනුක්කායි ප්‍රදේශයේ දී 65 සේනාංකය හමුදා, සිවිල් සහ පාසල් වශයෙන් වර්ග කිරීම් 3 ක් යටතේ පැවැත් වූ වොලිබෝල් තරඟාවලියේ දී 11 වන (සෙව්) ගජබා රෙජිමේන්තුව, ලකී ස්ටාර් ක්‍රීඩා සමාජය සහ මුලන්කාවිල් මහා විද්‍යාලය අදාල ශූරතා දිනා ගනු ලැබීය. මෙම තරඟාවලිය පැවැත්වීමේ අරමුණ වුයේ ප්‍රදේශයේ වෙසෙන ක්‍රීඩකයින්ගේ හැකියාවන්, ක්‍රඩා කෞෂල්‍යය, සුහදත්වය සහ අනෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමයි. 65 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් සරත් වීරවර්ධනගේ අධීක්ෂණය යටතේ පැවැත් වූ මෙම තරඟාවලියට යුද හමුදා කණ්ඩායම් 12 ක්, සිවිල් ක්‍රීඩා සමාජ 03 ක් සහ පාසල් කණ්ඩායම් 03 ක් සහභාගි වූහ. හමුදා අංශයේ පැවති අවසන් තරඟය සඳහා 11 වන (සෙව්) ගජබා රෙජිමේන්තු කණ්ඩායම සහ 20 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම තරඟ වැදුනු අතර, ඉන් 11 වන (සෙව්) ගජබා රෙජිමේන්තු කණ්ඩායම ජයග්‍ර‍හණය ලැබීය. එමෙන්ම සිවිල් අංශයේ අවසන් තරඟයෙන් මල්ලාවිහි ලකී ස්ටාර් ක්‍රීඩා සමාජය සහ අක්කරායන්කුලම් ක්‍රීඩා සමාජය අතර පැවති තරඟය ජය ගැනීමට ලකී ස්ටාර් ක්‍රීඩා සමාජය සමත් විය. හමුදා අංශයෙන් තරඟ වැදුනු 11 වන (සෙව්) ගජබා රෙජිමේන්තු කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ලාන්ස් කෝප්‍ර‍ල් ජයසිංහ සහ සාමාන්‍ය සෙබල නිලංක දක්ෂතම ප්‍ර‍හාරකයා සහ දක්ෂතම පිරිනමන්නා ලෙස කුසලාන දිනා ගනු ලැබීය. ලකී ස්ටාර් ක්‍රීඩා සමාජයේ කනේෂ් ලිංගම් විනුජන් සහ කන්දසාමි ධර්මේන්ද්‍ර‍ම් දක්ෂතම ප්‍ර‍හාරකයා සහ දක්ෂතම පිරිනමන්නා ලෙස කුසලාන හිමි කර ගත්හ. මෙම තරඟාවලියේ පාසල් අංශයේ පැවති තරඟවලින් මුලන්කාවිල් මහා විද්‍යාලීය කණ්ඩායම ශූරතාව දිනා ගත්හ. අක්කරායන්කුලම් මහා විද්‍යාලයේ බාලසුබ්‍ර‍නියම් සනුසන් දක්ෂතම ප්‍ර‍හාරකයා ලෙසත් මුලන්කාවිල් මහා විද්‍යාලයේ විජයරාසා ධනුජන් දක්ෂතම පිරිනමන්නා ලෙසත් පාසල් අංශයට හිමි ශූරතා දිනා ගත්තෝය. මෙම තරඟාවලියේ කුසලාන ප්‍ර‍දානය කිරීමේ අවස්ථාවට ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් සරත් වීරවර්ධන සහභාගි වී කුසලාන සහ සහතිකපත් ප්‍ර‍දානයට එක් වූවේය. ඊට මෙම සේනාංකයට අයත් බල සේනාධිපතිවරු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සෙසු නිලයින් සහ සිවිල් ජනතාව ද විශාල පිරිසක් එක්ව සිටියහ.Adidas shoes | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!