Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2016 17:51:30 Hours

මධ්‍යම සහ 12 වන සේනාංක සෙබලු නික්ම යන තම ආඥාපතිට උපහාර පුදයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ඒ.කේ.එස් පෙරේරා වෙත උත්තමාචාර පිදීමේ හමුදා උත්සව දෙකක් පසුගියදා පැවැත්විනි. හෙතෙම මේ වන විට නව නියෝජ්‍ය යුද හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානි ලෙස කටයුතු කරයි. පසුගිය අඟහරුවාදා (23) දින මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ රොන්ඩව් සරඹ පිටියේ දී 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සෙබලු එතුමා වෙත හමුදා උත්තමාචාර පුද කලහ. 12 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් හෙතෙම පිළිගත් අතර, මෙම අවස්ථාව සිහි ගැන්වීම සඳහා මේජර් ජෙනරාල් පෙරේරා විසින් සඳුන් පැළයක් එම භූමියේ රෝපණය කළේය. ඊට 111,112,121 සහ 122 බල සේනාවල බලසේනාධිපතිවරු, අණ දෙන නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගි වූහ. මේ අතර, නික්ම යන තම ආඥාපතිවරයාට පෙබරවාරි 19 වන දින 12 වන සේනාංකයේ සෙබලු ද උපහාර පුද කළ අතර, එහි දී සෙබලුන් ඇමතූ හිටපු ආඥාපතිවරයා පැළයක් රෝපණය කළේය. එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී.ආර්.එච් ඩයස් විසින් මේජර් ජෙනරාල් පෙරේරා වෙත සමරු සිහිවටනයක් ද පිරිනැමීය.Authentic Nike Sneakers | Nike Off-White