Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th February 2016 21:09:50 Hours

නිපෝන් මාරු නෞකාවේ පැමිණි විදේශික තරුණ පිරිසක් මිහිදු සෙත් මැදුරෙහි සංචාරයක

‘නිපෝන් මාරු’ නෞකාවේ පැමිණි විදේශීය තරුණ තරුණියන් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික, පුහුණුවීම්,සංස්කෘතික සැසි කිහිපයකට සහභාගිවන අතරතුර ජාතික තරුණ සේවා සභාවේ තරුණ සාමාජිකයින් 10 දෙනෙකු සමගින් සඳුදා(15) දින පූර්ණාබාධිත සෙබලුන් නේවාසික රැඳී සිටින අත්තිඩිය මිහිදු සෙත් මැදුරෙහි සංචාරයක නිරත වූහ. මිහිදු සෙත් මැදුරට පැමිණි එම කණ්ඩායම පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.කේ තිරුවානකරුසු, නියෝජ්‍ය පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්.එස් රාජකරුණා, රාගම රණවිරු සෙවණේ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් පී.එස් තිලකරත්න, එහි අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් බී.එල් රණසිංහ සහ මිහිඳු සෙත් මැදුරේ සේනාවිධායක කර්නල් අයි.ජී.ආර්.ජී බෝගොඩවත්ත ඇතුළු පිරිස විසින් පිළිගත් අතර, අමුත්තන් උඩරට වෙස් නර්තන ශිල්පීන්ගේ නර්තනයන් පෙරදැරිව මිහිඳු සෙත් මැඳුර වෙත කැටුව ගියහ. මෙහි දී රාගම රණවිරු සෙවණේ අණදෙන නිලධාරි විසින් මෙම නේවාසික සෙබලු පුනරුත්ථාපනය කරන ආකාරය, එහි කාර්යභාරය හා එමඟින් බලාපොරොත්තු වන ප්‍ර‍තිලාභ, යුද හමුදාව මේ වන විට පවත්වාගෙන යන සුබසාධන නිකේතන ආදිය පිළිබඳ මෙම විදෙස් තරුණ නියෝජිත පිරිස දැනුවත් කළ අතර, යුද හමුදා සංස්කෘතික කණ්ඩායම එම පිරිස වෙත සංස්කෘතිකාංග ද ඉදිරිපත් කළෝය. අනතුරුව අමුත්තෝ මෙහි ප්‍ර‍තිකාර ලබන සෙබලු සමඟ සුහද සාමීචියේ යෙදෙමින් ඔවුන්ගේ අත්දැකීම්, සෞඛ්‍යය තත්වය ආදි කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගත් අතර, එය අනෙකුත් ජාතීන් සමඟ අවබෝධතාවය වර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් විය. එමෙන්ම මෙම නේවාසික සෙබලු සදා නිම කළ අත්කම් නිර්මාණ ඇතුලත් නිෂ්පාදනයන් විදෙස් නියෝජිත පිරිස වෙත දැක බලා ගැනීම පිණිස පෙන් වූහ. ජපන් - ශ්‍රී ලංකා මිත්‍ර‍ත්ව හුවමාරු වැඩසටහන යටතේ ‘නිපොන් මාරු’ නෞකාවෙන් විවිධ ජාතීන්ට අයත් තරුණ තරුණියන් 250 දෙනෙක් සිවු දින සංචාරයක් සඳහා කොළඹ වරායට ගොඩ බට අවස්ථාවේ මෙසේ මිහිඳු සෙත් මැඳුරේ සංචාරය කළෝය. url clone | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret