Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th November 2015 18:44:09 Hours

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය දීපාවලී සමරයි

දීපවාලි උත්සවය වෙනුවෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධායකත්වයෙන් තිරුමුරුකණ්ඩි පිල්ලෙයාර් හින්දු කෝවිලේ දී හින්දු ආගමික වතාවත් පැවැත් වූ අතර, ඒ සඳහා හින්දු බැතිමතුන් සහ යුද හමුදා සාමාජිකයින් රැසක් ද එක්වූහ. අඳුර දුරලා හිරුගේ රශ්මියෙන් ඒකාලෝක කර සෞභාග්‍යය කැන්දන මෙම උතුම් දිනය ජාතික උත්සවයක් ලෙස සැලකේ. කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, 57 වන සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ දමිල බැතිමත්හු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ. short url link | Men Nike Footwear