Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2015 14:29:56 Hours

දේශය වෙනුවෙන් දිවි පිදූ අභීත විරුවන් සිහිකිරීමට මුල් තැනක් දෙමින් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සිය සංවත්සරය සමරයි

යුද හමුදාවේ ඉතා කීර්තිමත් රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි 64 වන සංවත්සරය සිකුරාදා (6) දින පනාගොඩ පිහිටි ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී සමරනු ලැබීය. මෙම අවස්ථාවේ දී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් චන්න ගුණතිලකගේ ආරාධනයෙන් එම රෙජිමේන්තුවටම අයත් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි වූ අතර, සංවත්සරයට සමගාමීව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ඉංජිනේරු බලකා රණවිරු ස්මාරකය වෙතු පුෂ්පෝපහාර දක්වනු ලැබීය. එම අවස්ථාවේ ඉංජිනේරු බලකායේ සෙබලු හමුදා සම්ප්‍රදායානුකූලව ප්‍රධාන දොරටුව අභියස දී යුද හමුදාපති වෙත සම්මාන ආචාර මුරයක් පැවැත් වූ අතර, රෙජිමේන්තු සේනාවිධායක විසින් හෙතෙම ගෞරවයෙන් පිළිගත්හ. ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු පිරිස දිවි පිදූ රණවිරුවන් සිහි කිරීම සඳහා වූ නොනිමෙන පහන අභියස දී මල් කළඹ තැන්පත් කරමින් පුෂ්පෝපහාර දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වූයේ ඔවුනට උපහාර පුද කරමිනි. අනතුරුව බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාමීය වශයෙන් සර්වආගමික ආශිර්වාද ලබාගැනීම සඳහා සැවොම නිහඬව සිට එක්වූහ. මෙම රණවිරු ස්මාරකය වෙත ඉංජිනේරු රෙජිමේන්තු අධිපති, එම බල සේනාධිපති, මධ්‍යස්ථාන සේනාවිධායක සහ එම රෙජිමේන්තුවේ විශ්‍රාමික රණවිරුවන්, ඒකක අණදෙන නිලධාරින්, එම පුහුණු පාසල් සේනාවිධායක මෙන්ම රෙජිමේන්තු බලලත් නිලධාරීන් මල් කලඹ පිරිනමා උපහාර දැක්වූහ. එම අවස්ථාවට දිවි පිදූ රණවිරුන්ගේ ළඟම ඥාතීහු ද එක්වූහ. එමෙන්ම සිකුරාදා (06) රාත්‍රියේ එම ඉංජිනේරු රෙජිමේන්තු පරිශ්‍රයේ සර්වරාත්‍රික පිරිත් දෙසුමක් පැවැත්වෙන අතර, පසුදින (07) උදෑසන මහා සංඝරත්නය වෙත ‘හීල් දානය’ පිරිනැමීමෙන් වැඩසටහන නිමාවට පත් වේ. විශ්‍රාමික නිලධාරීන්, සේවයේ යෙදී සිටින නිලධාරීන්, දිවි පිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. සැමරුම් උතසවයේ ‍තෙවන අදියරේ දී ඉංජිනේරු රෙජිමේන්තු අධිපති වෙත සම්මාන ආචාර පෙළපාලියක් සඳුදා (09) දින පිරිනැමීමට නියමිත අතර, අනතුරුව එදින දහවල් සියලු නිලයින් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.Best Sneakers | adidas Yeezy Boost 350