Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd December 2017 20:13:29 Hours

“මාලී දේශයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින් සඳහා එක්වීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෘත්තීමයභාවය ජාත්‍යන්තරයට මැනවින් පෙන්නුම්කරන්නක්” - යුද්ධ හමුදාධිපති පවසයි

අද (20) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානයක පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී, බටහිර අප්‍රිකාවේ ගොඩබිමෙන් වට වූ වාර්ගික අර්බුදයන්ගෙන් පීඩිත මාලි දේශයේ සාම සාධක රාජකාරින් සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩය (Combat Convoy Company) අමතමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ලැබුණු මෙම අවස්ථාව අප හමුදාව පිළිබඳව ලෝකයේ ඇති පිලිගැනුමත් ලෝක සාමය වෙනුවෙන් සිදු කරන කැපවීමත් මානව පිළිඹිබු කෙරෙන අවස්ථාවක් බව පැවසිය.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර වෙනුවෙන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් භට පිරිස් අමතමින්, “මා ඉපදීමටත් ප්‍රථම කාලයක සිට, එනම් 1960 වර්ෂයේ සිට අප හමුදාවන් විදේශයන්හි නොයෙකුත් රාජකාරි ඉටුකර ඇති බවත් 17000 ක යුද්ධ හමුදා සාමාජිකයින් සාම සාධක මෙහෙයුම් රාජකාරින් හිද 300 කට ආසන්න පිරිසක් , යුද නිරික්ෂකයින් හා මාණ්ඩලික නිලධාරින් ලෙසද අද දක්වා ලොව පුරා සාමය ඇතිකිරිමේ අරමුණින් එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින්හි නිරතව ඇති බවත් අනාගතයේ අප හමුදා සාමාජිකයින් මාලි දේශය ඇතුළුව අනෙකුත් විදේශ රටවලද සාම සාධක රාජකාරින් ඉටුකිරීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ඇති වන බවත් සඳහන් කලේය. එසේම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෘත්තීමයභාවයත්, ගෞරවයත් රැකගනීමින් දැඩි හික්මීමෙන් හා විනයගරුකව එම සාම සාධක රාජකාරි කටයුතු ඉටු කරනු ඇතැයි මා අපේක්ෂා කරන බවත්.” වැඩිදුරටත් පැවසිය.

මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් හී නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් සංඛ්‍යාත්මකව ඉහල නැංවිමටත් අපේක්ෂා කරන බවත් එමගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ද ජාත්‍යන්තර මට්ටමෙන් වගකිම් භාරගෙන රාජකාරි ඉටුකිරීමේ ඇති හැකියාව ලොවට පෙන්වීමට අපේක්ෂා කරන බවත් යුද්ධ හමුදාධිපති තවදුරටත් පැවසීය. මාලි දේශයේ ඉටු කෙරෙන රාජකාරින් පුද්ගල අභිමතාර්ථ අපේක්ෂාවෙන් නොවන අතර, එය ශ්‍රී ලාංකීය දේශයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් බවත් මෙවන් වු ජාත්‍යන්තර සාම සාධක කටයුතු වල නිරතවීම් හරහා ශ්‍රී ලාංකීය යුද්ධ හමුදාවේ වෘත්තිමය නිපුණත්වය ජාත්‍යන්තර තලය දක්වා එමගින් රැගෙන යන බවත් වැඩිදුරටත් යුද්ධ හමුදාධිපති අවධාරණය කරන ලදී.

ජනවාර්ගික වෙනස්කම් නොසලකිමින් අප හමුදා සෙබළුන්ගේ විවිධත්වය සැලකිල්ලට ගනීමින් මා විසින් හඳුන්වාදුන් ‘රට රකින ජාතිය (RRJ) ’ සංකල්පය තුලින් ඔවුන් සමාජය තුල විශේෂ ප්‍රජාවක් ලෙස හඳුනාගත හැකි බැව් ද අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත මාලි දේශයට පිටත්ව යන සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කලණ අමුණුපුර විසින් සමරු තිලිණයක් පිලිගැන්වු අතර, මෙම ‍අවස්ථාව සිහිපත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සමරු සටහන් පොතේහි ද සටහනක් තබන ලදී.

Sports News | Men's Sneakers