Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd October 2018 11:01:49 Hours

‘හර්මටාන් - 2’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සියලු තර්ජන සහ අභියෝගයන් ජයගනි

දින තුනක් පුරා පැවති ‘හර්මටාන් - 2’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය තුළ සිදුකල සියලු බාධක, ක්ලේමෝ ප්‍රහාර, බිම් වෙඩි, රැක සිට පහර දීම්, දුර සිට සැගව සිට වෙඩි තැබිම (ස්නයිපර් ප්‍රහාර) හා විවිධ මර උගුල් හමුවේ තෙදිනක් පුරා සටන් වැද තම ආධිපත්‍ය පතුරවමින් ‘හර්මටාන් - 2’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සඳුඳා (22) දින උදෑසන තිරියාය ප්‍රදේශයෙන් ආරම්භ වී පුල්මුඩෙයි ප්‍රදේශයට ලඟාවිය.

චුන්ඩිකුලම් ප්‍රදේශයෙන් බ්‍රහස්පතින්දා (18) දින ආරම්භ කළ ‘හර්මටාන් - 2’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය, එක්සත් ජාතීන්ගේ නිර්ණායකයන්ට අනුකූලව කරනු ලබන අතර මෙම පුහුණුවෙන් අනතුරුව මාලි රාජ්‍යයේ පවතින ගැටුම්කාරී තත්වයන් මැඩපැවැත්වීමේ අරමුණින් සාමසාධක රාජකාරීන් සඳහා නුදුරේදී ගමන්කිරීමට නියමිතය.

සංග්‍රාමික රථ 60 ක් සහ සංග්‍රාමික රථ ආරක්‍ෂක භටයින් 400 ක් සමගින් වෙඩිතලතිව් ප්‍රදේශයේ රාත්‍රි කාළය ගතකරමින් සිටියදී භටපිරිස් වෙත සතුරන් 25 දෙනෙකුගෙන් පමණ සමන්විත ආදර්ශ සතුරු ප්‍රහාරයක් එල්ල වු අතර එය ආරක්‍ෂක භටපිරිස් විසින් සාර්ථකව මැඩපවත්වා ඇත.

තවද ඔයාමඩුව සිට නිකවැව මන්සංධිය දෙසට ගමන් කරමින් සිටි සංග්‍රාමික රථ පෙල සඳහා ඉරිදා (21) දින උදැසන එල්ල කිරිම සදහා සුදානම් කර තිබු බිම් වෙඩි ප්‍රහාරය සන්නද්ධ රථ පෙල විසින් සාර්ථකව ව්‍යාර්ථ කරන ලදි.

අනතුරුව මහදිවුල්වැව ප්‍රදේශයේදි පාසල් නිල ඇඳුමින් සැරසී රැක සිට ආදර්ශ සතුරු ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් වී සිටි අවස්ථාවේදි සන්නද්ධ භටපිරිස හට එම අනතුර සාර්ථකව මගහරවාගැනීමට හැකිවිය.

‘හර්මටාන් - 2’ ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ යෙදී සිටි භටපිරිස් අද (22) දින උදෑසන තිරියාය ප්‍රදේශයේ සැඟව සිටි අතර, එහිදී අනපේක්‍ෂිත ලෙස භටපිරිස් වෙත එල්ල වු ආදර්ශ බෝම්බ ප්‍රහාරයෙන් එක් සෙබලෙකු හට තුවාල සිදුවී ඇත.

55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න මෙම පුහුණු අභ්‍යාසයේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබයි. Authentic Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ