Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th April 2018 21:13:10 Hours

‘සුර්ය මංගල්‍යය’ උත්සවය සඳහා ගැමුණු හේවා රෙජිමේන්තුව දායකත්වය සපයයි

සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව ගැමුණු හේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ අලුත් අවුරුදු උත්සවය සෙනසුරාදා (07) දින කුරුවිට, ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

ගැමුණු හේවා රෙජිමේන්තු ‘සුර්ය මංගල්‍යය’ සාම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩාවන්ට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් වර්ණවත් අන්දමින් පැවැත්විණි.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ පැවැත්වූ මෙම අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මින්නේරිය, පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජායා සහභාගි වූ අතර ජාතික ධජය එසවීමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය.

සාම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු ගැමුණු හේවා රෙජිමේන්තු රණවිරුවන් සිහිපත් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා, අනෙකුත් ආරාධිතයින්, නිලධාරින්, සෙසුනිලයින් ඇතුළු ප්‍රදේශවාසීන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය.

කඹ ඇඳිම, අලියාට ඇස තැබීම, බනිස් කෑම, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන යාම, පොල්අතු වීවිම, කොට්ටාපොර, ගෝනි රේස්, කණාමුට්ටි බිදීම, සැඟවුණු අමුත්තා සෙවීම, සංගීත පුටු තරඟය සහ විකට ඇඳුම් තරඟය ඇතුළු සාම්ප්‍රදායික ජන ක්‍රිඩා සහ විනෝද ක්‍රීඩා රැසකින් සමන්විත මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා සහභාගි වූවන් විනෝදස්වාදයට පත්විය.

මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා සහභාගි වූ සියලුමදෙනාටම දිවා භෝජන සංග්‍රයකින් සංග්‍රහ කිරීමෙන් අනතුරුව තරඟ ඉසව්වන් සඳහා සහභාගිවි ජයග්‍රහණය ලැබුවන්ට වටිනා ත්‍යාග පිරිනමනු ලැබීය.

මෙම අලුත් අවුරුදු උත්සවය සඳහා ගැමුණු හේවා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින්, විශේෂ ආරාධිතයින් මෙන්ම සිවිල් කාර්යමණ්ඩලයේ සාමාජිකයින් සහ ගම්වාසින් රැසක් ද එක්ව සිටියහ.

buy shoes | Nike Dunk - Collection - Sb-roscoff