Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2017 08:55:35 Hours

‘සැපර්ස් 4x4 ජිම්පො - 2017’ ඇඹිලිපිටියේ දී නරඹන්නන් අමන්දානන්දයට පත්කරයි

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ සැපර්ස් ජිම්පො 4 X 4 - 2017 රේසින් රථ තරඟාවලිය ඉරිදා (10) පෙරවරුවේ ඇඹිලිපිටිය සැපර්ස් ධාවන පථයේ දී ඉතා උත්කර්වෂත් අන්දමින් පවත්වනු ලැබීය. මෙම තරඟාවලිය ශ්‍රී ලංකා ෆෝවීල් ධාවකයින්ගේ සංගමය (FWDC) සහ ශ්‍රී ලංකා රේසින් මෝටර් බයිසිකල් ධාවකයින්ගේ සංගමය (SLMRC) සමඟ එක්ව සංවිධානය කරනු ලැබූහ.

එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි විය. මෙම තරඟාවලිය Off Road ඉසව්ව හා ධාවනපැදි (Motorbike Race) යනුවෙන් ඉසව් කොටස් දෙකකට පැවැත්විණි.

Off road ඉසව්ව Touring Standard, Touring Modified, Extreme under 3000 cc සහ Extreme Over 3000 cc ඛණ්ඩ යන කොටස් 4 ක් යටතේ පැවැත්විණි. තරඟාවලියට දේශීය සහ විදේශීය නියෝජිතයින්ගෙන් සමන්විත කණ්ඩායම් ගණනාවක්ම සහභාගි විය.

තරඟාවලිය ඇඹිලිපිටිය, ශ්‍රී ලංකා ඉංජිනේරු පුහුණු පාසල (SLSME) තුල පිහිටි ස්වභාවික බාධකයන්ට අනුරූපව නිර්මාණය කරන ලද කෘතිම බාධක රැසකින් සමන්විත ධාවන පථයක පැවැත්විණි.

ධාවන පථය මඩවගුරු, ජල බාධක, ගල් යන ආදි බාධක රැසකින් සමන්විත මෙම තරඟාවලියටම විශේෂ ධාවන පථයක් විය. ධාවන පථයට අනුගතවීම සඳහා ධාවකයින් තරඟාවලියට පෙර පුහුණුවීම් ද සිදු කරන ලදී. මෙම ධාවන පථයේ විශේෂත්වය වන්නේ ධාවනකරුවන් මඩ වලවල්, ජල පහරවල්, ලී දඩුවලින් සැදු පාලම්, කඳු ගැටි තරණය කිරිම් ආදි විවිධාකාර බාධක තරඟයේ විවිධ අදියරවල් විශිෂ්ඨ ලෙස නිර්මාණය කර තිබිමයි. අංක 8 හැඩයට සැදුණු නිර්මිත මාර්ග දෙකකින් සැදුණු ධාවන පථයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ධාවන පථය හරි මැද ධාවන රථයේ පළලටම සමාන පටු පාලමක් තරණය කිරීමට නිර්මාණය කර තිබිමයි.

තරඟාවලිය ධාවන පැදි ඉසව්වන්ගෙන් අලංකාර වු අතර, ජිම්පො හොඳම ධාවකයා (Gympo Best Rider) කුසලානය දිනාගැනිම සඳහා දිවයින පුරා වෙසෙන නම් දැරු ධාවකයින් තරඟාවලියට සහභාගි විය.

ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළුව 2000 කට වැඩි පිරිසක් මෙම විශේෂිත තරඟාවලිය නැරඹීමට පැමිණ සිටියහ.

තරඟාවලියේ ජයග්‍රාහකයින් පහතන් දැක්වේ;

4x4 ධාවන ඉසව්ව

Touring class standard ඉසව්වේ ජයග්‍රාහකයින්

රියදුරු: යෝහාන් හෙට්ටිආරච්චි

සහයක රියදුරු : ඩි.එම්. නුවන් කුමාර

Touring Class Modified ඉසව්වේ ජයග්‍රාහකයින්

රියදුරු : සෙනාල් රත්නායක

සහයක රියදුරු : ගිනුර රත්නායක

Touring Class Overall ඉසව්වේ ජයග්‍රාහකයින්

රියදුරු : සෙනාල් රත්නායක

සහයක රියදුරු : ගිනුර රත්නායක

Extreme Class under 3000 CC ඉසව්වේ ජයග්‍රාහකයින්

රියදුරු : අමල් වික්‍රමආරච්චි

සහයක රියදුරු : ඩබ්ලිව්.එම්. රසික කෞෂල්‍ය

Extreme Class over 3000 CC ඉසව්වේ ජයග්‍රාහකයින්

රියදුරු : සමිත් සමරසිංහ

සහයක රියදුරු : වෝනර් ඔලොෆ්

Extreme Class overall ඉසව්වේ ජයග්‍රාහකයින්

රියදුරු : අමල් වික්‍රමආරච්චි

සහයක රියදුරු : ඩබ්ලිව්.එම්. රසික කෞෂල්‍ය

ධාවන පැදි තරඟ

Mx over 85 cc up to 125 cc (Forces) ඉසව්වේ ජයග්‍රහණය

ලහිරු ජිවන්ත

Mx up to 85 cc 2T and over 85 cc up to 150 cc 4T under 13 ඉසව්වේ ජයග්‍රහණය

කේසර ගොඩගේ

Over 65 cc 2T and up to 150 cc under 16 ඉසව්වේ ජයග්‍රහණය

විනුෂ්ක ත්‍රිමල්ෂ සිල්වා

Over 65 cc 2T and up to 150 cc 4T under 16 ඉසව්වේ ජයග්‍රහණය

විනුෂ්ක ත්‍රිමල්ෂ සිල්වා

PW 50 cc under 10 ඉසව්වේ ජයග්‍රහණය

මිනුක රත්නායක

PW 50 cc under 10 ඉසව්වේ ජයග්‍රහණය

මිනුක රත්නායක

Mx over 85 cc up to 125 cc ඉසව්වේ ජයග්‍රහණය

බුද්ධික සිල්වා

Standard over 85 cc up to 125 cc ඉසව්වේ ජයග්‍රහණය

නිහාල් විජේරත්න

Mx over 85 cc up to 125 cc 2 stroke and over 125 cc up to 250 cc 4 stroke ඉසව්වේ ජයග්‍රහණය

ගයාන් සඳරුවන්

Mx over 85 cc up to 125 cc 2 stroke and over 125 cc up to 250 cc 4 stroke ඉසව්වේ ජයග්‍රහණය

බුද්ධික කසුන් සිල්වා

Standard over 85 cc up to 125 cc 2 stroke and over 125 cc up to 250 cc 4 stroke ඉසව්වේ ජයග්‍රහණය

ශනුක සඳරුවන්

Standard over 85 cc up to 125 cc 2 stroke and over 125 cc up to 250 cc 4 stroke ඉසව්වේ ජයග්‍රහණය

ශනුක සඳරුවන්

ධාවන පැදි ශුරයා

ගයාන් සඳරුවන්

spy offers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ