Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th June 2018 09:32:03 Hours

‘සහසක් නිමැවුම්’ නවෝත්පාදන ප්‍රදර්ශනය - 2018’ සඳහා මුලතිව් භට පිරිස් එක්වේ

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථාන භටපිරිස්හි නිර්මාණාත්මක කුසලතාවයන් ප්‍රදර්ශනය කිරීමේ ‘සහසක් නිමැවුම්’ නවෝත්පාදන අධ්‍යාපනික සහ ‍නිර්මාණශීලි ප්‍රදර්ශනය බදාදා (06) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ඇතුළු ජ්‍යෙෂඨ නිලධාරින් විසින් සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දල්වා මූලතිව් භට පිරිස් විසින් නිර්මාණය කරන ලද නව නිපැයුම් 35 කින් සමන්විත ‘සහසක් නිමැවුම්’ නවෝත්පාදන ප්‍රදර්ශනය විවෘත කරන ලදී.

තවද, මෙම අවස්ථාවට පර්යේෂණ විශ්ලේශණ යෝජනා සංවර්ධන ශාඛාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.ආර්.පී. රෝවෙල් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ද සහභාගි විය.

මෙම ප්‍රදර්ශනය යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දැනුම වැඩිදියුණු කිරීමට සහ නව නිර්මාණාත්මක කුසලතාවයන් ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් ලෙස පවත්වනු ලැබීය.

මෙම ප්‍රදර්ශනයේ දී හොඳම නවෝත්පාදන තුන සඳහා තෑගි සහ සහතිකපත් පිරිනැමු අතර සියලුම නවෝත්පාදකයින් වෙත සංකේතාත්මක මූදල් ත්‍යාගයන් ද පිරිනමනු ලැබීය.

මෙම ප්‍රදර්ශනයේ නව නිර්මාණ නිරීක්‍ෂණය කිරීමේ කමිටුව සඳහා රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ව්‍යවහාරික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය පුබුදු දර්ශන සහ කෘෂිකර්ම පීඨයේ ආචාරිණී ජි.ඒ.සී. ගිනිගද්දර සමඟින් යුද්ධ හමුදා මුලස්ථානයේ පර්යේෂණ විශ්ලේශණ යෝජනා සංවර්ධන ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්ව සිටියහ.

Running sport media | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals