Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd October 2018 12:01:49 Hours

‘රෙයිඩ් ඇමසන්ස් - 2018’ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා සෙබලියන් තිදෙනෙකු සහභාගි වේ

18 වන වරටත් පැවැත්වෙන කාන්තාවන් සඳහා ලොව විශාලතම ත්‍රාසජනක අභියෝගය“රෙයිඩ් ඇමසන්ස් - 2018’ (Raid Amazones) මෙවර ඔක්තෝම්බර් 11 සහ 18 යන දිනයන්හීදි ශ්‍රි ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි පාසිකුඩා,තොප්පිගල,කල්කුඩා හා ඒ අවට ප්‍රදේශයන්හි පැවැත් වු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාජිකයින් තිදෙනෙකු ඒ සදහා තේරී පත්විය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වලගේ උපදෙස් මත 232 බලසේනාවේ බලසේනාධිපති කර්නල් රොෂාන් ජයමාන්න ගේ අධීක්ෂණය යටතේ 2018 ඔක්තෝබර් 15, 17 සහ 18 යන තෙදින තුළදි තොප්පිගල, කිරන් හා කල්කුඩා වෙරළබඩ ප්‍රදේශයන්හි කිලෝමීටර් 48 ක් දිගු බයිසිකල් ධාවන තරගයක්, කිලෝමීටර් 23 ක දිවිමේ ඉසව්වක් සහ කිලෝමීටර් 9 ක වෙරළ තීරයේ දීවිමේ තරගයක්යනුවෙන් ප්‍රධාන අදියරයන් 03 ක් යටතේ මෙම ත්‍රාසජනක තරඟ ඉසව්වන් පැවැත්විම සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් අවශ්‍ය පහසුකම් සලසන ලදි.

මෙම තරඟාවලිය මඟින් හැකියාවන්,අධිෂ්ඨානය සහ සාමුහිකත්වය පරික්ෂා කරනු ලබන අතර, ශ්‍රි ලංකාව තුළ පැවති මෙම තරගාවලිය සදහා රටවල් 25 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් විදේශීය ක්‍රීඩිකාවන් 270 ක් පමණ සහාභාගි වූහ.

5 (ස්වේච්ඡා) ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන් එස්. එල්. ගමගේ, ලාන්ස් කෝප්‍රල් ඩබ්. ඒ. නිල්මිණි සහ සාමාන්‍ය සෙබල ජේ.එම්.ජී.පි. රුවන්මාලී යන ක්‍රීඩිකාවන් මව්බිමටත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටත් කිර්තීයක් අත්කරදෙමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරඟාවලිය සඳහා සහභාගි වීමට අවස්ථාව උදා කරගෙන ඇත.

කාන්තාවන් සඳහාම සුවිශේෂී වූ මෙම ජාත්‍යන්තර ත්‍රාසජනක තරගාවගිය 2009 සහ 2014 යන වර්ෂයන් වල දෙවරක් දඹුල්ලේදී පැවැත් වූ අතර ගයනාව, රියුනියන්න් දූපත, මුරුසිය, කෙන්යා, මයුට්ටේ, මැලේසියාව, කාම්බෝජය, බාලි සහ කැලිෆෝනියාව යන රටවල ද මෙම තරඟ පවත්වා ඇති අතර එම රටවල්වලදි මෙම තරගාවලිය සදහා මහජනතාවගේ උපරිම සහයෝගය හිමිවි ඇත. buy shoes | Releases Nike Shoes