Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2018 21:40:33 Hours

‘යුද්ධ හමුදා සරඹ පිළිවෙත’ පිළිබඳ ලියවූ පළමු ග්‍රන්ථය යුද්ධ හමුදාධිපති වෙත පිළිගන්වයි

යුද්ධ හමුදා පිරිස් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් රචිත ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා සරඹ උපදේශන සංග්‍රහය’ නමින් ලියවූ සවිස්තරාත්මක ග්‍රන්ථයේ පළමු පිටපත බදාදා (10) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිළිගන්වනු ලැබීය.

යුද්ධ හමුදා සරඹ උපදේශකයින් භාවිතා කරන සරඹ පිළිවෙත පිළිබඳ සිංහල භාෂාවෙන් ග්‍රන්ථයක් රචනා කල පළමු අවස්ථාව ද මෙය වේ. මෙම ග්‍රන්ථයේ මුල් පිටපත යුද්ධ හමුදාධිපති වෙත පිරිනැමීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා මුලස්ථාන විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟින් පිරිස් පාලන අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් දේවින්ද පෙරේරා ද එක්ව සිටියහ.

එහිදි ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මෙ ග්‍රන්ථය රචනා කිරීම සඳහා පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය ගනු ලැබු ක්‍රියාමාර්ගය අගය කළ අතර, එය සරල සිංහල භාෂාවෙන් රචනා කර ඇති බැවින් යුද හමුදා සරඹ උපදේශකයන් සඳහා වඩාත් ප්‍රයෝජනවත් බව ද පැවසීය. trace affiliate link | balerínky