Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2018 16:33:04 Hours

‘යුද්ධ හමුදා භට පිරිස් සියළු ප්‍රජාවගේ අරක්ෂාව සුරකින’ බවට යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර දී ප්‍රකාශ කරයි

පසුගියදා මහනුවර ප්‍රදේශයේ දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන්හි ඇතිවු කලහකාරි සිදුවීමෙන් පසු යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (8) දින උදෑසන එම ප්‍රදේශයන් නිරීක්‍ෂණ කරන ලදී.

එහිදි යුද්ධ හමුදාධිපතිතුමන්, මල්වතු පාර්ශවයේ මහනායක ස්වාමින් වහන්සේ සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන හමුවීමෙන් අනතුරුව මධ්‍යම පළාත් අණ්ඩුකාරතුමා, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යතුමා, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති, 11 වන සේනාංකයේ සේනාංකාධිපති, නාවික හා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සිවිල් පරිපාලන නිලධාරින් හා කන්ද උඩරට මවුලවිතුමන්ලා හමුවිය.

මෙයට සමඟාමීව මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පල්ලේකැලේ ප්‍රදේශයේ ස්ථානගත 11 වන සේනාංක මුලස්ථානයේදි, පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කලහකාරි සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම සිදුවීමට පෙර ඇතිවූ සිදුවීම් නිසා ජනවර්ගයන් හි ඇතිවූ ආතතිය මෙම ප්‍රචන්ඩත්වයට මුල්වූ බවත් කලහකාරි තත්ත්වයන් ඇතිවූ ප්‍රදේශයන්හි ත්‍රිවිධ හමුදා සමාජිකයන්ගේ සහාය ඇතිව ආරක්‍ෂක මුර සංචාරයන් පවත්වාගෙන යාමටත් එසේම එම ප්‍රදේශයන්හි සාමකාමි වතාවරණයක් ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය සහයෝගය ලබාදීම පිළිබඳවත් කරුණු අවධාරණය කරන ලදී. එසේම යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන යන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්ගෙන් හමුදා භට පිරිස් ස්ථානගත කිරීම හා අනුගමනය කරනු ලබන පූර්ව ආරක්‍ෂණ පියවරයන් පිළිබඳව විමසා සිටින ලදී.

අනතුරුව මෙම තත්ත්වය පිළිබඳව යුද්ධ හමුදාධිපතිවරයා විසින් මධ්‍යම පළාත් අණ්ඩුකාරවරයා සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මැතිතුමන් මෙන්ම මහනුවර මහ පල්ලියේ මවුලවිතුමන්ලා සහ මුස්ලිම් ජනතාව ද මුණගැසි ඔවුන්ගේ අදහස් ද විමසා සිටියහ. මෙහිදි ප්‍රධාන මවුලවිතුමන්ලා 15 දෙනෙකුට වැඩි මුස්ලිම් නායකයින් විසින් ගැටුම් ඇතිවූ ප්‍රදේශයන්හි පවතින සංවර්ධන කාර්යයන් හා ජනතාවගේ ජිවිත හා දේපල ආරක්‍ෂාව සඳහා අදාල ප්‍රදේශයන්හි යුද්ධ හමුදා සාමාජිකයන් දිගින් දිගටම රඳවා තබන මෙන් යුද්ධ හමුදාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී. එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් ‘ගැටුම් පැවති ප්‍රදේශයන්හි මුස්ලිම් ප්‍රජාව මෙන්ම මුස්ලිම් ආගමික සිද්ධස්ථානයන්ටද මෙම තත්ත්වය යථාතත්වයට පත්වන තුරු පුර්ණ ආරක්‍ෂාව සලසා දෙනු ලබන බැව්’ ප්‍රකාශ කරන ලදී.

තවද, යුද්ධ හමුදාධිපතිතුමන් “විපතට පත් ප්‍රදේශවල සිවිල් වැසියන්ගේ සහ දේපලවල ආරක්ෂාව තහවුරු කරමින් ඇතිවූ හදිසි තත්ත්වය සමතයකට පත් කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බවටත් මුස්ලිම් පල්ලිවලට හෝ කිසිදු ආගමික සිද්ධස්ථානයකට හානියක් සිදු කිරීමට හමුදාව ඉඩ නොදෙන බවත් මෙහිදි සහතික විය. සාමාන්‍ය සිදුවීමක් හේතුකොට ගෙන මෙම කලහකාරි තත්ත්වය ඇතිවී ඇති බවත් සිංහල, මුස්ලිම් හෝ දමිළ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සියලු හමුදාවන්ගේ යුතුකම බවත් සුහදශීලිව, මිත්‍රත්වයෙන් සහ සාමකාමීව සියලු ජනවාර්ගික කණ්ඩායම් පරම්පරා ගණනාවක සිට ජිවත් වූ අතර අතලොස්සකගේ සමාජ විරෝධි ක්‍රියාවන් හේතුවෙන් අප කලබල විය යුතු නැති බවත්” යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කළහ.

“සෙන්කඩගල පුරවරයේ ජිවත් වෙන්නේ වැදගත් අහිංසක ජනතාවක් බවත් පිට පළාත්වලින් පැමිණි පිරිසක් විසින් ඔවුන් උසි ගන්වා මෙම කලහකාරි තත්ත්වය නිර්මාණය කිරීම අවාසනාවක් බවත්” යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි වැඩිදුරටත් අවධාරණය කළහ.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආණ්ඩුකාරවරයා සමඟ පැවති සාකච්ඡාව අතරතුරදි, අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මෙම ගැටුම් හේතුවෙන් විනාශයට පත්වු ගොඩනැගිලි අප්‍රේල් අඟ හෝ මැයි මාසය තුලදී ප්‍රතිසංස්කරණය කර නිම කිරීමට හැකිවනු බවත් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

මෙම සංචාරය අතරතුරදි කලහාකාරි තත්ත්වය හේතුවෙන් අවතැන් වු පිරිස් තාවකාලිකව රඳවා ඇති වෙහෙරතැන්න පාසල වෙත ගිය යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර කලහකාරි සිදුවීම හේතුවෙන් හානියට පත් අකුරණ, අඹතැන්න, පුජාපිටිය, දිගන, කුණ්ඩසාලේ සහ තෙල්දෙණිය යන ප්‍රදේශවල ද සංචාරයක නිරත විය.

Nike air jordan Sneakers | Zapatillas de running Nike - Mujer