Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2017 12:53:49 Hours

‘යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2017’ උත්සවාකාරයෙන් ආරම්භ වේ

වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදය පරාජයට පත් කරමින් සාමය උදාකිරීම සඳහා සිය අත් පා පූජා කළ රණවිරුවන් 450 කට වැඩි පිරිසකගේ ක්‍රීඩා දක්ෂතා එළිදැක්විම සඳහා පවත්වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2017, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් බදාදා (22) උදෑසන හෝමාගම, දියගම ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

උත්සවයට වර්ණවත් ආරම්භයක් ලබාදෙමින් රෙජිමේන්තු 11 කට අයත් ආබාධිත රණවිරුවන් හා දකුණු කොරියාවෙන් පැමිණි තවත් මලල ක්‍රීඩකයින් 4 දෙනා ද එක්ව ආචාර පෙළපාලියක් පැවැත්විණි.

මෙම ක්‍රීඩා උළෙල නොවැම්බර් මස 22 සිට 24 දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා ඉසව් 50 ක් යටතේ ආබාධිත රණවිරුවන් 450 ක් සහභාගි වේ. තවද මෙයින් 100 දෙනෙකු ජාත්‍යන්තර තලයේ තරඟ සඳහා සහභාගි වූ පැරා ක්‍රීඩකයන් වේ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා මුලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් පිළිගන්නා ලදි.

ආචාර පෙළපාලියෙන් පසු ඔලිම්පික් ගිනිසිළුව දල්වා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල -2017 ආරම්භය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ක්‍රීඩා උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යුද්ධ හමුදා තුර්යවාදක කණ්ඩයේ යුද හමුදා ගීත අනුවාදනය මධ්‍යයේ යුද්ධ හමුදා ධජය ඔසවනු ලැබීය.

මෙහිදි යුද්ධ හමුදාධිපති, මෙහි තරඟ සඳහා සහභාගිවීමට දකුණු කොරියාවෙන් පැමිණි ක්‍රීඩකයන් හා සුහද පිළිසඳරක ද නිරත විය.

දශක දෙකකට වඩා පැරණි යුද්ධ හමුදා ආබාධිත ක්‍රීඩා උළෙල 2010 වසරේදී යුද්ධ හමුදාධිපති විසින් ඉදිරිපත් කරන ලද සංකල්පයකට අනුව ‘යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල’ ලෙස නම් කරන ලදි.

ජවන හා පිටිය ඉසව් 50 කට වැඩි ප්‍රමාණයක් මෙහිදි පැවැත්වීමට නියමිත අතර, මේ සඳහා සහභාගි වන ක්‍රීඩකයින් හට පදක්කම් 200 කට ආසන්න ප්‍රමාණයක් පිරිනැමීමට ද නියමිතය.

යුද්ධ හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මෙහි පිළිගැනීමේ කතාව සිදු කළ අතර, මෙහි ත්‍යාග ප්‍රදානෝත්සවය සිකුරාදා (24) දින පැවැත්විමට නියමිතය.

ආරම්භක උත්සවය සඳහා බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.

Sport media | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth