Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd January 2017 12:34:18 Hours

‘යුද හමුදා වර්ණ රාත්‍රිය - 2016’ පැවැත්වීමට සියලු කටයුතු සුදානම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිය සහ විශිෂ්ඨත්වය විදහාපාමින් වාර්ෂිකව පවත්වනු ලබන ‘යුද හමුදා වර්ණ රාත්‍රිය - 2016’ සිකුරාදා (27) දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිතය.

මෙම වාර්ෂික උත්සවයේ දී 2015 - 2016 වර්ෂයන් හි යුද හමුදා ක්‍රීඩා තරු ජාතික මෙන්ම අන්තර්ජාතික මට්ටමෙන් ලබාගන්නා ලද කුසලතා අගය කරමින් ‘යුද හමුදා වර්ණ රාත්‍රිය’ සැණකෙලිය පවත්වන අතර, එහිදී අන්තර් යුද හමුදා මට්ටමින්, රෙජිමේන්තු මට්ටමින්, ආරක්ෂක සේවා මට්ටමින්, ජාතික සහ අන්තර්ජාතික මට්ටමින් තෝරාගන්නා ලද ක්‍රීඩා ඉසව් 34 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1161 දෙනෙකුගේ කුසලතා අගය කරමින් මෙම සම්මාන පිරිනැමේ. එමෙන්ම සංකේතාත්මකව තෝරාගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියදෙනෙකු සඳහා නෙළුම්පොකුණ රඟහලේ දී සම්මාන පිරිනැමේ.

2015 - 2016 වර්ෂයන් හිදී ඔවුන් දුනු විදීම, මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බේස්බෝල්, පැසිපන්දු, මුෂ්ටිප්‍රහාර, ක්‍රිකට්, බයිසිකල් ධාවන තරග, පැරා දුනු විදීම, පැරා බර ඉසිලීම, පැරා මලල ක්‍රීඩා, පැරා රෝද පුටු ධාවන තරග, අත්පන්දු, හොකී, ජුඩෝ, කබඩි, කරාතේ, මෝටර් රථ ධාවන තරග, බර ඉසිලීම, සවි එසවීම, රගර්, ඔරු පැදීම, වෙඩිතැබීම, පාපන්දු, පිහිනුම්, මේසපන්දු, ටයිකොන්ඩෝ, මල්ලවපොර, වුෂු සහ වොලිබෝල් යන තරගවලින් දක්ෂතා දක්වා ඇත.

best shoes | Air Jordan