Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th April 2017 08:22:05 Hours

‘මිහිඳු සෙත් මැඳුර’ ආබාධිත රණවිරුවන් අලුත් අවුරුදු අසිරිය සමරයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ‘මිහිඳු සෙත් මැඳුර’ ආබාධිත රණවිරු නිකේතනයේ අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා උත්සවයක් සංවිධානය කරන ලදි.

මෙහිදී පැරණි චාරිත්‍ර වාරිත්‍ර සඳහා මුල්තැනක් දෙමින් ‘මිහිඳු සෙත් මැඳුරේ’ නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ 2017 සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය සමරන ලදි.

ආරාධිත අමුත්තන්, ආබාධිත රණවිරුවන් 60 ක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සියගණනක් සහභාගී වූ මෙම අවුරුදු උත්සවය ‘සිරස’ රූපවාහිනී නාලිකාව මගින් ද විකාශය කරන ලදි.

මිහිඳු සෙත් මැඳුරේ සේනාවිධායක බ්‍රිගේඩියර් රෝලන්ඩ් බෝගොඩවත්ත සහ යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.කේ. තිරුවානකරුසු විසින් මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි බටහිර ආරක්ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බළකා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ උත්සවය ආරම්භයේ දී පිළිගන්නා ලදී. අනතුරුව ලිප ගිනි මොලවා, කිරි ඉතිරවීමෙන් පසු උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය.

මෙහිදී රෝද පුටු ධාවන තරඟය, අන්ධයාට කිරි කැවීම, දෙහි ගෙඩිය හැන්ද මත රැගෙන යාම සහ අලියාට ඇස තැබීම ඇතුළු සම්ප්‍රදායික විනෝද ක්‍රීඩාවන් රැසක් සංවිධානය කර තිබුණි.

මෙහිදී එක් එක් තරඟයන්හි ජයග්‍රාහකයන් සඳහා වටිනා ත්‍යාගයන් ද පිරිනමන ලදී.

සිවිල් පරිත්‍යාගශීලින් ද මෙම අවස්ථාව සාර්ථකව සිදුකර ගැනීම සඳහා නන් අයුරින් දායක විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සංවිධානය කළ මෙම අවස්ථාව සාර්ථක කරගැනීමට මුදල් ප්‍රතිපාදන ද ලබාදෙන ලදි.

Best jordan Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ