Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2016 14:07:37 Hours

‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය - 2016’ නිමාවට පත්වේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සිව්වන වතාවටත් පවත්වනු ලැබූ මිත්‍ර ශක්ති - 2016 ඒකාබද්ධ යුද අභ්‍යාසයෙහි සමාප්ති උත්සවය ඉරිදා (6) පස්වරුවෙහි අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

දින 14 ක් මුළුල්ලේ පවත්වනු ලැබූ මෙම අභ්‍යාසය මගින් අන්තර්ජාතික ත්‍රස්තවාදය, අන්තර්ක්‍රියාකාරී හැකියාවන්, විනෝද ක්‍රීඩා, ඒකාබද්ධ උපායික මෙහෙයුම් සහ අනනෝන්‍ය අත්දැකීම් හුවමාරු කිරීම යන තේමාවන් යටතේ විවිධ දැනුම ලබාදුන් අතර, මෙමඟින් ඕනෑම තත්වයක් යටතේ ත්‍රස්තවාදි තර්ජනයන් වෙත මුහුණදීමේ හැකියාව ඇති කරවන ලදි.

විශාරද පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහතාගේ අභාවය හේතුවෙන් ජාතික ශෝක සතියක් ලෙස මෙම කාලවකවානුව නම් කර ඇති හෙයින් මෙම අභ්‍යාසයෙහි සමාප්ති උත්සවය ඉතා චාම් අයුරින් සංවිධානය කරන ලදි.

සති දෙකක් පුරා පවත්වනු ලැබූ ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය 2016 සඳහා ඉන්දියන් යුද හමුදා නිලධාරීන් 06 දෙනෙකු ඇතුලු සාමාජිකයින් 45 දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ පාබල හමුදා රෙජිමේන්තුවේ ඒ හා සමාන භට පිරිසක් ද සහභාගි වූහ.

මෙහි සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය නියෝජිත පිරිසේ නායකත්වය හෙබවූ ඉන්දීය යුද හමුදාවේ බ්‍රිගේඩියර් සුජිත් සිවාජි පටෙල් සහභාගි වූ අතර, මෙම අභ්‍යාසයෙහි ඉන්දියන් හමුදා කණ්ඩායම සඳහා අණදීම ඉන්දීය යුද හමුදාවේ මේජර් රාකේෂ් රවුෂාන් විසින් සිදු කරනු ලැබීය.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පාබල අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ ගේ සම්බන්ධිකරණයෙන් හතරවන වතාවටත් මෙම අභ්‍යාසය පවත්වන ලදී.

මෙම අභ්‍යාසයේ අභ්‍යාස අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ඒ.පී.අයි ප්‍රනාන්දු කටයුතු කරන අතර, නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යෂකවරුන් ලෙස කර්නල් ජී.එම්.සී.කේ.බී ඒකනායක සහ කර්නල් කේ.ආර්.කේ.කේ.ටී බණ්ඩාර කටයුතු කරනු ලැබේ.

මෙහිදී ඉන්දියන් යුද හමුදාවේ බ්‍රිගේඩියර් සුජිත් ෂිවාජි පටෙල් විසින් පෙලපාලිය ඇමතීමෙන් පසු විධිමත්ව ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය නිමාවට පත් වන බව ප්‍රකාශ කරන ලදි.

දවසේ වැඩසටහන අවසානයේ සහභාගිවූවන් සමූහ ජායාරූපයකට ද පෙනී සිටිමින් විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි වූ අතර මෙහිදී  අභ්‍යාස අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඒ.පී.අයි ප්‍රනාන්දු විසින් මෙවන් වැඩසටහන් මගින් හමුදාවන් අතර අනනෝන්‍ය අවබෝධය සහ සම්බන්ධතා වර්ධනය කර ගැනීමට හේතු වන බව අවධාරණය කරමින් ස්තුති කතාව සිදු කරනු ලැබීය.

දෙපාර්ශවයේම නිරික්ෂකයින් මෙම අභ්‍යාසය ඉතාමත්ම උසස් ආකාරයෙන් පැවැත් වූ බවත්, ඒකමතිකව ඔවුන් එය අගය කිරීමත් සිදු කළ අතර, මෙමඟින් ලැබුණු ප්‍රතිඵලය මගින් පොදුවේ පවතින ත්‍රස්ත උවදුරට එරෙහිව ක්‍රියා කිරීමට හැකියාව ලැබෙනු ඇත.

හමුදාවන් ද්විත්වයම මෙම අභ්‍යාසය සිදු කිරීමේ අභිලාශය වනුයේ සහයෝගයෙන් වැඩ කිරීම සහ සියලුම තරාතිරමේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිමට එක්ව ක්‍රියා කිරිම වේ.

මෙම සමාප්ති උළෙල අංගම්පුර සටන් දර්ශනවලින් ද අලංකාර විය.

Best Authentic Sneakers | Men's Footwear