Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd July 2018 13:45:19 Hours

‘මානව හිමිකම්’ පිළිබඳ වන්නි භට පිරිස් දැනුවත් කෙරේ

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ‘මානව හිමිකම්’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (25) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්නු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත පැවැති මෙම වැඩසටහනේදි මූලික අයිතිවාසිකම්වලට අදාළ කරුණු පිලිබඳ දේශන පැවැත්විණි.

මෙහිදි, වවුනියාව මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකරණ නිලධාරි එම්.ආර්. ප්‍රියදර්ශන මහතා සහ අනුරාධපුර මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශීය සම්බන්ධිකරණ නිලධාරිණි ශීරෝමි ප්‍රියංගා මහත්මිය විසින් දේශන පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 25 ක් සහ සෙසුනිලයින් 300 ක් පමණ සහභාගි විය. latest Nike Sneakers | Air Jordan Release Dates 2020