Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th May 2018 16:00:51 Hours

‘පුද්ගලික සබඳතා කළමණාකරනය’ පිළිබඳ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ රෙජිමේන්තු උපකරණ පාලක සැරයන් මේජර්වරුන් දැනුවත් කෙරේ

රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ රෙජිමේන්තු උපකරණ පාලක සැරයන් මේජර්වරුන් ‘පුද්ගලික සබඳතා කළමණාකරනය’ මෙන්ම ‘රාජකාරි සහ වගකීම්’ පිළිබඳ දැනුම වර්ධනය කිරීම සඳහා වැඩමුළුවක් මැයි මස 23 සිට 25 දක්වා වැලිකන්ද පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ඇති ස්වේච්ඡා ඒකකයන්හි රාජකරියේ නියුතු රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 13 ක් සහ රෙජිමේන්තු උපකරණ පාලක සැරයන් මේජර්වරුන් 15 ක් සහභාගි වූ මෙම වැඩමුළුවේ දී නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන ස්වේච්ඡා බලසේනා කර්නල් සම්බන්ධිකරණ කර්නල් ප්රසන්න ලියනගේ විසින් ඔවුන්ගේ රාජකාරි සහ වගකිම පිළිබඳ දැනුවත් කරනු ලැබීය.

තවද මෙම වැඩමුළුව ශ්රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ උපදෙස් මත නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන ස්වෙච්ඡා සම්බන්ධීකරණ කාර්යාලය විසින් මෙහෙය වනු ලැබීය.

Running sports | jordan Release Dates