Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st December 2017 17:25:03 Hours

‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ ව්‍යාපෘතිය යුද්ධ හමුදා රෝහලේදී නිලධාරින් සහ වෘත්තීමය සුපවේදින් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් සිකුරාදා (15) දින නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර, එහිදී භට කාර්ය සම්පාදන නිලධාරින් සහ යුද්ධ හමුදා වෘත්තීමය සුපවේදින් හට ‘නිරෝගී ආහාර වේලක්’ පිළියෙල කරන ආකාරය පිළිබදව දැනුම ලබාදෙන ලදි.

‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ ව්‍යාපෘතියට අදාළව සුපවේදි ක්‍රමවේදයන්, සෞඛ්‍යාරක්ෂිතව ආහාර වේලක් පිලියෙල කිරිමේ ක්‍රමෝපායයන්, නිවැරදි මිනුම් තුලින් පෝෂ්‍යදායි ආහාර වේලක් සකසා ගැනිම, දියවැඩියාව හා බෝ නොවන රෝග සම්බන්ධව අධ්‍යාපනය සහ එහි සංකුලතා වැනි විෂයයන් පිළිබඳව ද සිකුරාදා (15) දින පැවති මෙම වැඩසටහනේ දී සාකච්ඡාවට බඳුන් විය.

‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ ව්‍යාපෘතියේ ප්‍රධානි බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්.එම් විජේවර්ධන, මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කර්නල් ආර්.එම්.එම් මොණරගල, ලුතිතන් ඒ.සි.කේ උඩුගම, ජ්‍යෙෂ්ඨ සුපවේදි ධර්මසිරි සිල්වා මහතා සහ පෝෂණවේදි කුමුදුනි සතරසිංහ මහත්මිය විසින් බෝ නොවන රෝග පිළිබදවත් ඉන් මිදිමේ ආරක්ෂාකාරි ක්රම පිලිබඳවත් දීර්ඝ වශයෙන් කරුණු පහදා දෙන ලදි.

විඩියෝ දර්ශනයන් ද යොදාගනිමින් විධිමත්ව පවත්වන ලද මෙම දේශණයන්ට සමගාමීව වැඩසටහන සදහා පැමිණි සිටි සමාජිකයන් හට එම ස්ථානයේදීම තම රුධිරගත සීනි ප්‍රමාණය සහ රුධිර පීඩනය මැනගැනීමට ද අවස්ථාවක් ලබාදෙන ලදි.

‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ ව්‍යාපෘතියේ ප්‍රධානි බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්.එම් විජේවර්ධන විසින් මෙවන් දැනුවත් කිරිමේ වැඩසටහන් පැවැත්විමේ වැදගත්කම පිළිබදව සමාරම්භක දේශණය තුලින් පෙන්වා දෙන ලදි.

මේ සඳහා දිවයින පුරා ආරක්ෂක සේනා මුලස්ථානයහි උපකරණ පාලක නිලධාරින්, අනුරාධපුර 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසලේ සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයන්ට අනුයුක්ත කර සිටින වෘත්තීමය යුද්ධ හමුදා සූපවේදින්, ජ්‍යෙෂ්ඨ සහ සෙසුනිලයින් රැසක් මේ සඳහා සහභාගි වූහ.

Sport media | New Releases Nike